Cricket GossipCricket NewsEXCLUSIVEInternational

විනය හේතු මත චන්දික හතුරුසිංහගේ සේවය අත්හිටුවයි

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය විනය හේතු මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එරට ක්‍රිකට් මණ්ඩලය (BCB)තීරණය කර තිබේ.

ඉන්දීය තරග සංචාරයේ දී බංග්ලාදේශය ටෙස්ට් හා විස්සයි 20 තරග සියල්ලෙන්ම දරුණු පරාජයක් ලැබූ පසුබිමක පුහුණුකරුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇත.

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය දක්වා බංග්ලාදේශ කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක Phil Simmons පත් කර තිබේ.

ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් ඔහුව මෙලෙස රාජකාරිවලින් නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස දෙවැනි වරටත් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button