Cricket GossipCricket NewsEXCLUSIVEInternational

“මම කාගෙවත් කනට ගැහුවේ නෑ – මේ චෝදනා සැලසුම් සහගතව කරන ලද ඒවා බව කිව යුතුයි” හතුරුසිංහ කියයි

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය නියමිත කාලයට පෙර අවසන් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරයි. පසුගිය වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශ ක්‍රීඩකයකුගේ කනට පහරදීමක් කළ බවට නැගෙන චෝදනා හා තම කොන්ත්‍රාත්තුවේ නියම කර ඇති ප්‍රමාණයට වඩා වැඩි දින ගණනක් නිවාඩු ලබා ගත්තේ යැයි බංග්ලාදේශ ක්‍රිකට් සභාපති පැවසීම අසත්‍ය බව ඒ මහතා ලිඛිත ප්‍රකාශයක් මඟින් සඳහන් කර සිටියි.

ආරක්ෂක හේතූන් මත බංග්ලාදේශයෙන් පිටව යන ලෙස තමන්ට උපදෙස් දී ඇති බවත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිලධාරීන් සහ සේවකයන් කෙරෙහි දක්වන හැසිරීම අතිශයින් කනගාටුදායක බවත් ඔහු සඳහන් කළේය.

“බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මගේ අවංකභාවයට සහ වෘත්තීයභාවයට එරෙහිව කරන චෝදනා පදනම් විරහිතයි. ලෝක කුසලාන තරග වලදී ක්‍රීඩකයකුට පහරදීමක් වුණේ නෑ. තරගයක් පැවැත්වෙන්නේ කැමරා 40ක් 50ක් තියෙන තැනකයි. යමක් සිදු වූවා නම්, පැමිණිලිකරු හෝ සාක්ෂිකරුවකු සමඟ මුහුණට මුහුණ කතා කිරීමටවත් මට අවස්ථාවක් ලැබුණේ නෑ. එසේම සිදුවීම මෙතරම් බරපතළ එකක් නම් ක්‍රීඩකයා සිද්ධිය වූ විගස කණ්ඩායම් කළමනාකරුට හෝ කිසිදු අයකුට සිද්ධිය වාර්තා නොකිරීම පුදුමයට කරුණක්. එහෙම චෝදනාවක් පිළිබඳ එදා මගෙන් ප්‍රශ්න කළේවත් ප්‍රකාශයක් ඉල්ලුවේවත් නැත්තේ ඇයි?”

“නිවාඩු ලබා ගන්නා සෑම අවස්ථාවකම ප්‍රධාන විධායක නිලධාරියාගේ හෝ ක්‍රිකට් මෙහෙයුම් සභාපතිවරයාගේ අවසරය ලබා තිබෙනවා. කිසිදු ප්‍රශ්නයක් නැතිව මම නිවාඩු ඉල්ලපු හැම වෙලාවකම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවාඩු ලබාදී තියෙනවා. මේ චෝදනා සැලසුම් සහගතව කරන ලද ඒවා බව කිව යුතුයි”හතුරුසිංහ මහතා පැහැදිලි කළේය.

චන්දික හතුරුසිංහ මහතා වෙනුවට ෆිල් සිමන්ස් මහතා 2025 චැම්පියන්ස් කුසලානය දක්වා තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගත්තේය.

එරට සිදු වූ අරගලයෙන් පසු පත්වූ බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් මහතා එම ධුරයට පත්වූ වහාම ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා නොබෝ දිනකින්ම තනතුරෙන් ඉවත්කරන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් පුහුණුකරු භූමිකාව දැඩි ලෙස විවේචනය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button