Cricket NewsEXCLUSIVE

මුම්බායි ඉන්දියන්ස් දිනවන්න ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන සිය කණ්ඩායම හා එක් වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩිම වතාවක් ශූරතාවය ජයග්‍රහණය කර ඇති කණ්ඩායම වන්නේ ප්‍රභල Mumbai Indians කණ්ඩායමයි.

Mumbai Indians කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දුරය හොබවනු ලබන්නේ මෙරටින් බිහිවු සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයකු වන මහේල ජයවර්ධන මහතායි.

අද දිනයේදි මහේල Mumbai Indians කණ්ඩායම සමග මුම්බායිහිදී එක්වුවා.

එහිදී අදහස් දක්වමින් මහේල ප්‍රකාශ කර සිටියේ මුම්බායි ඉන්දියන්ස් සංචිතයට පළපුරුදු ක්‍රීඩකයින් මෙන්ම යොවුන් දක්ෂතා ඇති ක්‍රීඩකයින්ද ඇතුළත් බවයි.

පසුගිය වසරවල ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවතීමත් මෙවර ක්‍රීඩාංගනයට ප්‍රේක්ෂකයන්ට පැමිණීමට අවස්ථාව ලබාදීම පිළිබඳවත් මහේල සිය සතුට පළ කර සිටියා.

මෙවර Mumbai Indians කණ්ඩායම IPL තරඟාවලිය යටතේ මාර්තු 27 වනදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව තරඟ කරමින් තරඟාවලියට පිවිසීමට නියමිතයි.

මහේල වෙනුවෙන් Mumbai Indians නිළ Facebook පිටුව තැබු සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7