Cricket NewsEXCLUSIVEUnder-19

යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ නම් කරන ලද විශිෂ්ටතම කණ්ඩායම මෙන්න – දුනිත් වෙල්ලාලගේ ඇතුලත්.!

දින 23 ක් පුරාවට පැවැති 2022 වසර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමාවට පත් වූ අතර, ඉන්දියාව අවසන් මහා තරගයේදී එංගලන්තය පරදවා හයවැනි ශූරතාවට හිමිකම් කීවේය.

වසර ගණනාවකට ලෝක ක්‍රිකට් වල ආධිපත්‍යය දැරීමට හැකි ක්‍රීඩකයන්ගෙන් රැස්කගෙන් මෙවර තරඟාවලිය සමන්විත විය.

මෙවර තරඟාවලියේ දැක්වූ සුපිරි දස්කම් පදනම් කරගනිමින් මෙවර ලෝක කුසලානයේ හොඳම කණ්ඩායම නම් කරන්නට අපිට හැකි වුණි.මෙම කණ්ඩායමේ නායකත්වය මෙවර ලෝක කුසලානයේ ජයග්‍රහය සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවූ යශ් ඩූල් හට හිමිව ඇත.

එම කණ්ඩායම ,

හසීබුල්ලා ඛාන් (Wk)
තේග් විලි
ෂෙයික් රෂීඩ්
ඩෙවල්ඩ් බ්‍රෙවිස්
යෂ් දුල් (ඇ)
දුනිත් වෙල්ලාලගේ
රාජ් බාවා
විකී ඔස්ට්වාල්
රෙහාන් අහමඩ්
ආර් රවි කුමාර
ජෝෂු බොයිඩන්

1.හසීබුල්ලා ඛාන් – පකිස්ථානය (Wk)

ලකුණු 380
සාමාන්‍ය 76
HS: 136
SR: 80.85
ශතක 2
අර්ධ ශතක 1

ඔහු පකිස්තාන කණ්ඩායමේදී සිදු කළාක් මෙන්, ස්ථාවර, ස්ථාවර ආරම්භක පිතිකරුවෙකුට ඔහු ආදේශ කිරීමට හැකිය. ලකුණු 135 කින් තරගාවලිය ආරම්භ කර අවසන් කළේ ලකුණු 136 ක් පෙරලිකාර ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව වාර්ථා කරමිනි.මෙම කණ්ඩායමේ කඩුලු රකින්නාද වන්නේ හසීබුල්ලා වන අතර මෙවර තරඟාවලියේදී ඔහු දැවී යාම් 10කට උරුමකම් කීය.

2.තේග් විලී – ඔස්ට්‍රේලියාව

ලකුණු 278
සාමාන්‍ය 69.5
HS: 101*
SR: 73.15
ශතක 1
අර්ධ ශතක 2

Teague Wyllie යනු ඉහළ පෙලේ තාක්ෂණයක් හිමි පිතිකරුවෙකි .ඔහු මෙම කණ්ඩායමේ හසීබුල්ලා සමඟින් ඉනිම ආරම්භ කරනු ඇත. ඔහු ස්කොට්ලන්තයට එරෙහිව ශතකයක් රැස් කළ අතර සුපර් ලීග් අර්ධ අවසන් පූර්ව තරගයේදී පාකිස්තානයට එරෙහිව තීරණාත්මක තරඟයේදී ලකුණු 71ක් රැස් කළ අතර ඒ සඳහා ඔහු තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

3.ෂෙයික් රෂීඩ් – ඉන්දියාව

ලකුණු 201
සාමාන්‍ය 50.25
HS: 94
SR: 65.9
අර්ධ ශතක 2

Covid-19 වෛරසයද ආසාධනය වීමෙන් අනතුරුව මෙවර තරඟාවලිය සඳහා ධනාත්මක පිතිකරණ රටාවක් පෙන්නුම් කරන්නට ඔහුට හැකිවිය.තීරණාත්මක තරඟ කිහිපයකදී දක්ශතා අතරට පිවිසෙන්නට ඔහුට හැකිවිය.ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමේ උප නායකයා වූ ඔහු අවසන් පූර්ව තරගයේදී ලකුණු 94ක් ලබා ගත් අතර අවසන් තරගයේදී ලකුණු 50ක් ලබාගන්නට ඔහුට හැකිවිය.

4.ඩිවෝල්ඩ් බ්‍රෙවිස් – දකුණු අප්‍රිකාව

ලකුණු 506
සාමාන්‍ය 84.33
HS: 138
SR: 90.19
ශතක 2
අර්ධ ශතක 3

අවිවාධයෙන් තොරවම මෙම කණ්ඩායමේ අංක 4 පිතිකරුවා ලෙස මනා තාක්ෂණයක් හා කල්මැනීමකට උරුමකම් කියන ඩෙවල්ඩ් බ්‍රේව්ස් නම් කරන්නට හැකිය.ඒ හේතු කිහිපයක් පදනම් කරගනිමින් වන අතර 2004 වසරේ පැවැති 19 න් පහළ ලෝක කුසලානයේදී ශිකර් ධවාන්ගේ ලකුණු 505 වාර්ථාව අභිබවා ගිය ඩිවෝල්ඩ් බ්‍රෙවිස් තරම් 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයකදී කිසිඳු ක්‍රීඩකයෙකු ලකුණු රැස් කර නොමැත. මෙවර ලෝක කුසලානයේදී එක් වරක් පමණක් ලකුණු 50කට අඩුවෙන් දැවී ගියේය.ඔහු ලකුණු 90ට වඩා අවස්ථා 4කදී ලබා ගත්තේය.

5.Yash Dhull – ඉන්දියාව (C)
ලකුණු 229
සාමාන්‍ය 76.33
HS: 110
SR: 85.44
ශතක 1
අර්ධ ශතක 2

මෙම කණ්ඩායම මෙහෙයවීමට හොඳම පුද්ගලයා ඉන්දීය නායක යාෂ් ඩුල් ය. ඔහුගේ සගයන් ගනනාවක් මෙන්, ඔහුගේ ලෝක කුසලාන ව්‍යාපාරයටද Covid-19 බලපෑ නමුත් අවසන් පූර්ව තරඟයේදී තරඟ ජයග්‍රාහී ලකුණු 110 ක් ලබා ගත්තේය. නයකයෙකු ලෙස වඩාත් සාධනීය දස්කම් දැක්වීය.

6.දුනිත් වෙල්ලාලගේ – ශ්‍රී ලංකාව

ලකුණු 264
සාමාන්‍ය 44
HS: 113
කඩුලු 17 පන්දු
යැවීමේ සාමාන්‍ය 13.58
BBI 5-27

දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකයෙකු, මැදපෙළ පිතිකරුවෙකු සහ අග්‍ර ගණයේ දඟ පන්දු යවන්නෙකු ලෙසද විශිෂ්ඨ දස්කම් දැක්වීය. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූවා පමණක් නොව, හත්වැනි වැඩිම ලකුණු ලාභියා ද විය. ඔස්ට්‍රේලියාවට එරෙහිව එම තරඟයේදී ජයග්‍රාහී අර්ධ ශතකයක් සහ කඩුලු 5 ක් දවාගැනීම වැනි දස්කම් දක්වමින් තීරණාත්මක තරඟ වලදී ඔහු කැපී පෙනුණි.

7.රාජ් බාවා – ඉන්දියාව

ලකුණු 252
සාමාන්‍ය 63
HS 162*
කඩුලු 9
පන්දුයැවීමේ සාමාන්‍ය 16.66
BBI: 5-31

ඔහු උගන්ඩාවට එරෙහිව පන්දු 108කින් ලකුණු 162ක් ලබා ගත් අතර, පසුව අවසන් මහා තරගයේදී අග්‍ර ගණයේ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් ලබා ගත් අතර, එංගලන්තයට එරෙහිව තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත් එම තරඟයේදී ලකුණු 35ක් ද පිත්තෙන් එක් කලේය.

8.විකී ඔස්ට්වාල් – ඉන්දියාව
කඩුලු 12
පන්දුයැවීමේ සාමාන්‍ය 13.33
BBI: 5-28
Econ: 3.63

මෙම කණ්ඩායමේ ඇතුලත් දෙවන වමත් පිට දඟපන්දු වන්නා වන්නේ විකී ඔට්ස්වාල් වන අතර පළමු තරඟයේදී දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව කඩුලු 5 ක් හා අවසන් මහා තරඟයේදී කඩුලු 3 ක් බිඳ දැමීය.

9.රෙහාන් අහමඩ් – එංගලන්තය
කඩුලු 12
පන්දුයැවීමේ සාමාන්‍ය 12.58
BBI: 4-30
Econ: 4.19

යොවුන් එංගලන්ත පා දඟ පන්දු යවන්නා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීමට බොහෝ කලකට පෙර විශාල කතා බහක් ඇති කරමින් සිටි අතර ඔහුට වඩාත් හොඳ දස්කම් අතරට පිවිසෙන්නට සමත් වූයේ මෙවර තරඟාවලියේදීය. ඔහු අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 4-41ක් ලෙස විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.

10.R Ravi Kumar – ඉන්දියාව
කඩුලු 10
පන්දු යැවීමේ සාමාන්‍ය 13.2
BBI: 4-34
Econ: 3.66

ඉන්දීය වමත් වේග පන්දු යවන්නා තරඟාවලිය පුරාවටම දස්කම් දැක්වූ නමුත් පිළිමළුන් පිටුදැකීමේ වටයේදී විශේෂයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීය, ඉන්දීය කණ්ඩයම කිරුළ කරා යන ගමනේ පෙරමුණ ගත් ඔහු කඩුලු 9ක් දවා ගත්තේය. බංග්ලාදේශයට එරෙහිව ඔහුගේ විස්මිත දස්කම් සියල්ලන්ගේ අවධානයට ලක් විය .

11.Joshua Boyden – එංගලන්තය
කඩුලු 15
පන්දුයැවීමේ සාමාන්‍ය 9.86
BBI: 4-16
Econ: 3.21

Joshua Boyden තරඟාවලියේ දෙවන සාර්ථකම පන්දු යවන්නා වූ අතර ඔහු වඩාත් හොඳින් තරඟ හැසිරවිය හැකි වමත් වේගපන්දු යවම්නෙකු බවට පත් විය. ඔහු තම නිවැරදි සහ පාලනය කළ පන්දු යැවීමෙන් එංගලන්තයට අවසන් මහා තරගයට යාමට උදව් කළේය. අවසන් තරගයේදීම ඔහු විශිෂ්ඨ ආරම්භයක් ලබා ගත් අතර එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7