Cricket NewsEXCLUSIVEInternationalMatch Review

කුවේට් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළ Hong Kong කණ්ඩායම ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ වටයේ පෙරමුණ ගනී.!

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

එමෙන්ම ඕමානයේ සත්කාරකත්වය යටතේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය ඊයේ (20) ආරම්භ වුවා. UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවල මෙහි සුදුසුකම් ලැබීමේ තරඟ වටය ක්‍රීඩා කරන අතර එහි සිව්වන තරඟය ලෙස කුවේට් සහ Hong Kong කණ්ඩායම් අතර අද පැවති තරඟයෙන් එක් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට Hong Kong කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Hong Kong නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා කුවේට් කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් කුවේට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 151ක් රැස් කිරීමට සමත් වුණා.

කුවේට් වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Edson Silva පන්දු 30කදී ලකුණු 56ක් වාර්තා කිරීමට සමත් වුනා. Mohammed Aslam ලකුණු 21ක් රැස් කළ අතර Usman Patel ලකුණු 19ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Yasim Murtaza, Aizaz Khan සහ Ehsan Khan කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 152ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Hong Kong පිතිකරුවන් පන්දුවාර 17.4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 153ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Hong Kong ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Babar Hayat ලකුණු 53ක් රැස් කල අතර නායක Nizakat Khan ලකුණු 50ක් රැස් කළා.

පන්දු යැවීමේදී Adnan Idrees සහ Mohamed Shafeeq එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමග තමන් මුහුණ දුන් තරඟ ද්විත්වයම ජය ගත් Hong Kong කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button