Cricket NewsEXCLUSIVE

විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමි ශ්‍රී ලංකා කණ්ඩායම යොවුන් දස්කම් සමග මෙවර ලෝක කුසලානයට කෙතරම් බලපෑමක් ඇති කරාවිද? – ක්‍රිකට් ලෝකයම විමසිල්ලෙන්.!

මෙම වසරේ පැවැත්වෙන දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ පැය 24 ක ටත් අඩු කාලයක්.

ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හෙට නැමීබියාව සමග තරඟ බිමට පිවිසීම නියමිතයි.

විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසය තුල ශ්‍රී ලංකාව තැබූ වාර්තා අසමසම වන අතර බොහෝ රටවල් වලට එම වාර්තා පසුකර යාම සිහිනයක් පමණක් වනවා.

විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ තවමත් වැඩිම තරඟ සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇති රට ලෙසට තවමත් පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 27ක් ජයග්‍රහණය කර තිබෙන අතර එහි දෙවන ස්ථානයේ පසුවන පකිස්ථානය තරඟ 24ක් ජයග්‍රහණය කර තිබෙනවා.

එමෙන්ම විස්සයි-20ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරග වාරයක වැඩිම ලකුණු රැස් කරගත් ක්‍රිඩකයා වන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිඩක මහේල ජයවර්ධනයි. එමෙන්ම එම ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිව ඇත්තේ තිලකරත්න ඩිල්ෂාන් හටයි.

පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභින් පහ අතර ක්‍රීඩකයින් දෙදෙනෙක්ම සිටිනවා. ඒ විස්සයි-20 ක්‍රිකට් පුරාවෘතයක් බඳු ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස්.

එමෙන්ම විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම පන්දු යැවීම් දෙකම සතුවන්නේ ශ්‍රී ලංකාව සතුවයි. ඒ අජන්ත මෙන්ඩිස් හා රංගන හේරත් තැබූ වාර්තාය.

මෙවර ආසියානු කුසලාන ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී මානසිකත්වය ලෝක කුසලානය තරගාවලිය අරඹන ශ්‍රී ලංකා කණ්ඩායම දෙස ක්‍රිකට් ලෝකයම බලා සිටින්නේ දැඩි විමසිල්ලකිනි.

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරමින් මීට මාස කීපයකට පෙර නැවුම් අඩිතාලමක් තැබු ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ආසියානු කුසලාන තරඟාවලියේදී සියලුම රටවල් පරාජය කරමින් ආසියානු ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර වනිදු හසරංග මහීෂ් තීක්ෂණ අද්භූත දඟ කැවීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලඇණිය සවිමත් කරද්දි වේග පන්දුවෙන් දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර ඩිල්ශාන් මදුශංක ශ්‍රී ලංකාව සවිමත් කරයි.

පිත්තෙන් කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක සාර්ථක ආරම්භක පිතිකරණය ශක්තිමත් කරද්දී භානුක රාජපක්ෂ දසුන් ශානක මෙන්ම අවසාන පන්දු වාර කිහිපයේ පිටියට පිවිසෙන වනිදු හසරංග මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රතිවාදීන් දණගැස්සීම ට සමත් වෙයි.

ගිලිහුණු ක්‍රිකට් අධිපත්‍ය නැවතත් හඹා යන දසුන් ශානක ප්‍රමුඛ සිංහ බලඇණියට හෙටින් ඇරඹෙන වසරේ ක්‍රිකට් සැණකෙළියට SixCricket අපෙන් උණුසුම් සුභ පැතුම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button