Cricket NewsEXCLUSIVE

භානුක කියන්නෙ ඉදිරි ලෝක කුසලානයේ ඉහලම බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක්, මමත් භානුකගේ රසිකයෙක් – මහාචාර්ය අර්ජුන ද සිල්වා

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට කලකට පසුව පැමිණි ප්‍රහාරාත්මක පිතිකරුවකු වූ භානුක රාජපක්ෂ පසුගිය සමයේ ක්‍රිකට් ලෝකයේ දැඩිව කතා බහට ලක්වූ චරිතයක් වුවා.

ඉතිහාසයේ ප්‍රථම වරට ක්‍රීඩකයෙකු වෙනුවෙන් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් උද්ගෝෂණයක් ද ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පවත්වනු ලැබුවේ.

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මැදිහත් වී ඇති බවට වාර්තා වේ.

30 හැවිරිදි භානුක රාජපක්ෂට ඉන්දීය තරග සංචාරය අහිමි වූයේ Skin Fold පරීක්ෂණ අසමත් වීම නිසාවෙන් වන අතර මේ සම්බන්ධයෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අදහස් දක්වා ඇත.

“මම භානුකගෙ රසිකයෙක්. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකුට තිබිය යුතු ප්‍රමිතියට ඔහුගේ ශාරීරික යෝග්‍යතාව රදවා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම අපි ගන්නවා.”

”ඉදිරි ලෝක කුසලානය වෙනුවෙන් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක් තමයි භානුක. මින් ඉදිරියට ඔහුගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ඔහු නිසැකවම වැඩ කරයි. Skin Fold මට්ටම වැඩිවීම ජානමය ලක්ෂණ නිසා වෙන්න පුලුවන්. නමුත් එක් ක්‍රීඩකයෙක් නිසා එම නීතිය වෙනස් කිරීම අසාධාරණයි.”

”ක්‍රීඩාව තුළ සාර්ථක වීමට ශාරීරික යෝග්‍යතාව අනිවාර්‍ය නෑ. නමුත් අඛණ්ඩව ක්‍රීඩාව තුළ නිරත වීමට ශාරීරික යෝග්‍යතාව වැදගත් වෙනවා. මේදය අඩුවීම ආබාධයන්ට ගොදුරු වීම අවම කරනවා. යනුවෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කර තිබෙනවා.

කෙසේ නමුත් භානුක රාජපක්ෂ සැලකෙන්නේ මෑත කාලීනව ඉතා විශාල ජනතා ආකර්ශනයක් හිමි වූ ක්‍රීඩකයෙක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7