Cricket NewsEXCLUSIVE

Colombo stars හිමිකාරිත්වය දරන Softlogic සභාපති අශෝක් පතිරගේ මහතා බංගලාදේශයේ සුප්‍රසිද්ධ සුපිරි වෙළඳ සංකීර්ණයක් මිලදී ගනී.!

2012 වසරෙන් පසුව මෙරට ක්‍රිකට් ක්‍රිඩාවට තිබු ප්‍රධානතම අඩුපාඩුවක් වූ විදෙස් ක්‍රිඩකයන් සමග කරට කර ගැටී තරුණ ක්‍රිඩකයන් අත්දැකීම් ලබා ගන්නා ප්‍රිමියර් ලීග් තරඟාවලියක අඩුපාඩුව 2020 වසරේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියත් සමග අවසන් වුයේ නැවුම් බලාපොරොත්තුවක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ සිත් තුලද ඇති කරමිනි.

ඒ අනුව යමින් තරඟාවලියේ දෙවන අදියර පසුගිය 2021 වසරේ පැවැත්වුණු අතර එය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් අභිසෙස් ලබමිනි.

එහිදී ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ ශ්‍රී ලාංකේය හිමිකරුවෙකු විසින් කණ්ඩායමක් හිමි කර ගත් ප්‍රථම අවස්ථාවද වාර්තා වූ අතර ඒ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක් වන Softlogic holdings ආයතනය විසින් Colombo Stars කණ්ඩායමේ හිමිකාරීත්වය හිමිකර ගැනීමත් සමගයි.

Colombo stars කණ්ඩායමේ හිමිකාරීත්වය ලබාගත් Softlogic Holdings සභාපතිත්වය දරනු ලබන්නේ අශෝක් පතිරගේ මහතා විසිනුයි.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන්ට නවමු අත්දැකීමක් ගෙන ඒමට සමත් වූ ඔහු සිය ව්‍යාපාර ක්ෂේත්‍රයේ තවත් පියවරක් ඉදිරියට තැබීමට සමත්ව තිබෙනවා.

ඒ බංග්ලාදේශයේ අතිශය ජනප්‍රිය සුපිරි වෙළඳ සංකීර්ණයක් වන Agora හිමිකාරීත්වය 100%ක්ම හිමි කර ගැනීමත් සමඟයි.

එමෙන්ම බංගලාදේශයේ තිබෙන ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් ද මිලදී ගැනීමට ඒ මහතා බලාපොරොත්තු වන බවද ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයකු ලෙස ඔබ තැබු මෙම නව පියවරට අපේ උණුසුම් සුභපැතුම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button