Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් පන්දුවාරය යවන්න මට දෙන්න කියලා මන් ඉල්ලා සිටියා, එත් ලැබුනේ නෑ” – Shreyas Iyer ලංකාවට දාපු කින්ඩිය.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පසුගිය දා පැවති පළමු විස්සයි-20 තරගය ලකුණු 62කින් ‍ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 2ක් පමණක් දැවී ලකුණු 199ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු දෙසීයක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ජයග්‍රහණය කළේ ලකුණු 62කින්. මෙම තරගයේ දී ඉන්දියාව පන්දු යවන්නන් හත්දෙනෙකු යොදාගෙන තිබීම විශේෂත්වයක්.

මෙම තරගයේ දී තවත් අතිරේක පන්දු යවන්නෙකු ලෙස පන්දු යැවීමට අවස්ථාවක් දෙන ලෙස Shreyas Iyer ද ඉල්ලීමක් කර තිබෙනවා. මේ බව තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Shreyas Iyer පවසා තිබුණා.

ලක්නව් හි Bharat Ratna Shri Atal Bihari Vajpayee Ekana ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වුනා.

27 හැවිරිදි පිතිකරු Shreyas පවසා සිටියේ තරගය අතරතුර අවසන් පන්දුවාර කීපය යැවීම සඳහා තමා නායක Rohit Sharmaගෙන් අවස්ථාව ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත් එයට Rohit Sharmaගේ අවසරය ලැබී තිබුණේ නැහැ. තමන් එහි දී ඉන්දීය උපනායක Jasprit Bumrah සමඟ කතා කළ බවත් Shreyas පවසනවා.

ඉන්දීය කණ්ඩායමේ පන්දු බලඇණියේ මූලික තුරුම්පුව වන උපනායක Jasprit Bumrahට අමතරව, ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන ක්‍රීඩක Bhuvneshwar Kumar, Harshal Patel, Yuzvendra Chahal, Venkatesh Iyer, Ravindra Jadeja සහ Deepak Hooda ද මෙම තරගයේ දී පන්දු යවා තිබුණා. තරගයේ දී ඔවුන් හත්දෙනා කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුනා.

“තරගයේ අවසන් පන්දුවාර යවන්න මට ඕනේ වුනා. මම ඒ වන විටත් පන්දු යවන්න පුළුවන් කියලා මගේ අත උස්සලා හිටියේ. Rohit Sharma 16 වැනි පන්දුවාරය යද්දී අවසන් පන්දුවාර යවන ක්‍රීඩකයන් ගැන Jasprit Bumrahට කියලා තිබුණේ. පස්සේ මම Jasprit Bumrah එක්ක කතා කළා. මම උත්සාහ කළා අල්ලසක් දීලා අවසන් පන්දුවාරය ඉල්ලා ගන්න. ඒත් ඒක සාර්ථක වුනේ නැහැ”, Shreyas Iyer සිනාමුසු මුහුණින් යුතුව තරගයෙන් අනතුරුව පවසා තිබුණා.

පසුගිය ජනවාරි මාසයේ දී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින තරගාවලියේ දී Shreyas Iyer හයවැනි පන්දු යවන්නා ලෙස කටයුතු කර තිබුණා. Shreyas Iyer මීට පෙර එක්දින තරග 4ක දී පන්දු යවා ඇති අතර එකඳු කඩුල්ලක් හෝ දවාගෙන නැහැ.

තරගාවලියේ දෙවැනි තරගය අද (26) Dharamsala හිදී පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7