Cricket NewsEXCLUSIVE

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2022 තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයක්.!

2021 වසරේදී ද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අධියර දෙකක් යටතේ පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු වුයේ කොවිඩ්19 වෛරසය ක්‍රීඩකයන් කිහිපදෙනෙකු හට වැලඳීම හේතුවෙනි.

එම නිසා තරඟාවලියේ එක් අධියරක් ඉන්දියාවේදී හා අනෙක් අධියර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීද පවත්වන්නට සිදුවූයේ මාස ගණනාවක විරාමයක්ද සහිතවය.

නමුත් මේ වසරේදී එය වලක්වා ගැනීමේ අරමුණින් ඉන්දියාව ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය කොවිඩ් 19 වෛරස තත්වය නිසා ඉන්දියාවේදී පැවැත්වීමට නොහැකි වුවහොත් එය ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවධානය යොමු කර තිබෙනවා.

ඒ බව ඉන්දීය සුප්‍රකට පුවත්පත් රාශියක් වාර්ථා කල අතර ඔවුන් වැඩි දුරටත් අවධාරණය කරන්නේ LPL වැනි තරඟාවලියක් ප්‍රේක්ෂක සහභාගීත්වය යටතේදී ද සාර්ථකව පවත්වන්නට ශ්‍රී ලංකාවේදි හැකි වීම හා යම් හෙයකින් ඉන්දියාවේදී මේ වසරේ IPL තරඟාවලිය පැවැත්වීමට නොහැකි වුව හොත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ භාවිත කිරීමේ තීරණය වඩාත් ලාභදායී මෙන්ම සාර්ථකද වනු ඇති බවයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එක්සත් අරාබි එමීර් රාජ්යේ IPL තරඟාවලිය පැවැත්වීමට එතරම් ප්‍රිය නොකර තත්වයක් උද්ගත වී ඇති අතර ඉන්දියාවට ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි අවධානයක් යොමු වීමේ ආසන්නතම හේතුව වී ඇත්තේ LPL තරඟාවලිය ඉතා ඉහල ගුණාත්මක තාවයකින් මෙවර පැවැත්වීමයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවට අමතරව දකුණු අප්‍රිකාව පිළිබඳවද අදහසක් සහිතව සිටින බවට ඉන්දීය අභ්‍යන්තර පුවත්පත් රාශියක් වාර්ථා කර තිබු අතර කෙසේ නමුත් එහි වැඩි දුරටත් සඳහන් වන්නේ IPL 2022 තරඟාවලිය ශ්‍රී ලංකවේ පැවැත්වීමට වැඩි ඉඩක් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7