Cricket NewsEXCLUSIVE

“මම තරයේ විශ්වාස කරනවා, ආසියානු කුසලාන අවසන් මහා තරඟයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව බාබර් අසාම් ශතකයක් රැස් කරය කියලා” – පකිස්තානු ක්‍රිකට් සභාපති රමීස් රාජාගෙන් අනාවැකියක්.!

මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලානය තරඟාවලියේ දිගින් දිගටම ලකුණු අතරට පිවිසෙන්නට පකිස්තානු නායක බාබර් අසාම්ට නොහැකි විය. පිතිකරුවෙකු වශයෙන් තරඟාවලිය පුරාවට අසාර්ථ වද්දී බාබර් ට සිදුවූයේ ජගත් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා පසු බසින්නටය.

නායකයෙකු වශයෙන් ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය දක්වා පැමිණෙන්නට සමත් වූ නමුත් පිතිකරුවෙකු වශයෙන් බාබර්ගේ පිතිකරණය දුර්වල මට්ටමක සමස්ත තරඟාවලිය පුරාවට පැවැතිණි. මෙවර තරඟාවලියේදී ලකුණු 15 ඉක්මවා රැස් කිරීමට අපොහොසත් වූ අසාම් රැස් කරගෙන ඇත්තේ ඉනිම් හතරකදී ලකුණු 33 ක් පමණයි.

කෙසේ නමුත් පකිස්තානු ක්‍රිකට් සභාපති වරයා වන රමීස් රාජා සඳහන් කර සිටියේ බාබර් ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් රැස් කරනු ඇති කියාය.

“මම නායක බාබර් අසාම්ට පණිවිඩයක් දුන්නා ඔබ ලකුණු අතර නැහැ කියලා හිතන්නවත් එපා කියලා. මම තරයේ විශ්වාස කරනවා බාබර් අසාම් ආසියනු කුසලාන අවසන් මහා තරගයේදී ශතකයක් රැස් කරයි කියලා.” යනුවෙන් ඔහු මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.

තවත් තරඟ දෙකක් පකිස්තානයට මෙවර ආසියානු කුසලානයේදී ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇති අතර එම තරඟ ද්විත්වයම ශ්‍රී ලංකාවට එරෙහිවයි ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ.එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟ 7 කින් යුත් එක්දින තරඟාවලිය හා ලෝක කුසලානයට පෙර බාබර් රිද්මය නිසැක වශයෙන්ම මෙවර ආසියානු කුසලානයේදී සොයා ගත යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button