Cricket NewsEXCLUSIVE

දින 1021කට පසු විරාට් කෝලිගේ පිත්තෙන් ජාත්‍යන්තර ශතකයක් වාර්තා වෙයි – ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට දැවැන්ත පහර එල්ල කරයි.!

ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකම මේ වන විටත් තහවුරු වී අවසන්. ඒ ශ්‍රී ලංකාව සහ පකිස්ථානයයි.

එමෙන්ම Super 4 ඛාණ්ඩය යටතේ ඉන්දියාවට සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පැවැත්වෙන අවසන් තරඟය අද රාත්‍රියේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීආරම්භ වුවා. අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 212ක දැවැන්ත ජයග්‍රාහී ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

මෙහිදී ඉන්දීය හිටපු නායක විරාට් කෝලි සිය මංගල විස්සයි විස්ස ශතකය රැස් කිරීමට සමත් වූවා මෙන්ම විස්සයි විස්ස ලකුණු 3500 සීමාව ඉක්මවා යන්නටද ඔහු සමත් වුණා.ජාත්‍යයන්තර පිටියේ ශතක ඉඩෝරයක සිටි විරාට් කෝලි අවසන් වරට ජාත්‍යන්තර ශතකයක් වාර්ථා කර තිබුනේ 2019 වසරේ දෙසැම්බර් මාසයේදීයි.ඉන් දින 1021 කට පසුව කෝලිගේ පිත්තෙන් ශතකයක් වාර්ථා වීම කැපී පෙනුණා .

ඉන්දීය නායක රෝහිත් ශර්මා අද තරඟයෙන් විවේක ගන්වා තිබුණු අතර ලෝකේශ් රාහුල් සමඟින් ඉන්දීය ඉනිම ආරම්භ කිරීමේ වගකීම විරාට් කෝලි හට පැවැරුණි.පන්දු 61 කදී නොදැවී ලකුණු 122 ක් රැස් කල කෝලිගේ ඉනිම හයේ පහර 6 කින් හා 4 පහර 12 කින් වර්ණවත් වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button