Cricket NewsEXCLUSIVE

“මම හිතන්නේ ශ්‍රී ලංකාවට ශකීබ්, මුස්ටෆිසුර් වගේ ලෝක මට්ටමේ පන්දු යවන්නන් නැහැ” බංගලාදේශ් ක්‍රිකට් අධ්‍යක්ෂක Khaled Mahmud

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මේ වන විට ආසියානු කුසලාන තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ ඉදිරියට යෑම සඳහා ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරගයක් හෙට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වන අතර පරාජය වන කණ්ඩායමට නැවතත් සිය රට බලා පිටත්ව යාමට සිදු වනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් දෙකම පසුගියදා ඇෆ්ගනිස්තානය ඉදිරියේ දරුණු පරාජයක් ලැබූ අතර ඒ හේතුවෙන් ඇෆ්ගනිස්තානය අපරාජිතවම දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

මේ අතර ශ්‍රී ලංකා නායක දසුන් ශානක පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණේ බංගලාදේශය සමග එළඹෙන තරඟයේ දී ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දසුන් ශානක පවසා සිටියේ බංගලාදේශයට ලෝක මට්ටමේ ක්‍රීඩකයින් එතරම් නොමැති නිසාත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරම් පන්දු බලඇණිය ඔවුන්ගේ ශක්තිමත් නොවන නිසාත් මෙය ශ්‍රී ලංකාවට පහසු තරගයක් වන බවයි.

මෙම ප්‍රකාශය බංග්ලාදේශ මාධ්‍ය හරහා ඉතා වේගයෙන් ජනප්‍රිය වූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් බංගලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂක ඛලිඩ් මහමුද් මහතා අද මාධ්‍යයට සඳහන් කර සිටියේ “මම හිතන්නේ ඔවුන්ට ශකීබ්, මුස්ටෆිසුර් වැනි ලෝක මට්ටමේ පන්දු යවන්නන් නැහැ” යනුවෙනි.

කණ්ඩායම් දෙකටම අතිශය තීරණාත්මක මෙම තරගය හෙට රාත්‍රි 7.30ට පැවැත්වීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button