Cricket NewsEXCLUSIVE

“2021දී චෙන්නායි කණ්ඩායම ටොස් එක පැරදිලත් දිනපු විදිහ මගේ ඔලුවෙ වැඩ කළා, මම හිතනවා අද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අපි අභිමානයක් ගෙනාවා කියලා” – ජයග්‍රාහී නායක දසුන් ශානක

ආරම්භයේ පටන්ම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ආසියානු කුසලාන තරගාවලියේ අද පැවති අවසන් මහා තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කළ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම වසර 8කට පසුව ආසියානු කුසලානයක පහස නැවතත් ශ්‍රී ලංකාවට හිමි කර දීමට සමත් වුයේ Super 4 වටයේ අපරාජිතත්වය දිගින් දිගටම පවත්වාගනිමිනි.

ලොව පුරා ක්‍රිකට් විචාරකයන් මෙම තරඟයේ අතිශය තීරණාත්මක සාධකයක් බව සඳහන් තරගයේ කාසියේ වාසිය ද පකිස්ථානය ජය ගත් පසුබිමක ශ්‍රී ලංකාව ලැබු මෙම ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයක් වනවා.

තරගයෙන් අනතුරුව ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ අවසන් මහා තරගයේ තීරණාත්මක පිතිකරණයක නියැලුණු තරඟයේ වීරයා භානුක රාජපක්ෂ මෙලෙස පවසා සිටියා

” පිතිකරණයට පහසු උනේ නෑ. ඉක්මනින් කඩුලු 5 ක් බිදවැටුණ නිසා මගේ සුපුරුදු ක්‍රීඩා රටාවෙන් බැහරව ක්‍රීඩා කරන්න සිදුවුණා. නමුත් අපි ධනාත්මකව ක්‍රීඩාකළා. අපි උත්සහා කළේ ලකුණු 140 ක් වගේ ලබාගන්න. අවසන් පන්දුවට ලකුණු 6 ක් ලබාගෙන ලකුණු 170 කට යන්න පුළුවන් වුණ එක අපට විශාල මානසික සහනයක් වුණා.”

තරඟයෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා

“මුලින්ම ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පළකරන්න ඕනි. ඒ අය තරගාවලිය පුරාවටම අපට ලොකු සහයක් ලබාදුන්නා. ඒ වගේම ලංකාවේ ඉන්න අය. මම හිතනවා ඒ අයට අපි අභිමානයක් ගෙනාවා කියලා. IPL 2021 තරඟාවලියේදි චෙන්නායි කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් තරඟය දිනුවා, ඒක තමයි මගේ හිතේ තිබුණේ. ඒ නිසා ටොස් එක දිනන පරදින එක අදාළ වුනේ නැහැ

ඇෆ්ගනිස්තානයට අපි පරාජයට පත්වුණ එක හොද දෙයක් වුණා. එයින් පසුව අපි හොදින් තරගාවලියට අවතීර්ණ වුණා. අද තරගයේ අවසන් පන්දුවට භානුක එල්ල කළ ඒ හයේ පහර තරගයේ හැරවුම් ලක්ෂය බවට පත්වුණා කිව්වොත් නිවැරැදි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තේරීම් කමිටුවට මම ස්තුතිය පළකරන සිටින්න අමතක කරන්නේ නෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button