Cricket NewsEXCLUSIVE

දසුන් ශානක ප්‍රමුඛ යොවුන් සිංහ කණ්ඩායම වසර 8කට පසුව ආසියානු කුසලානයේ පහස ශ්‍රී ලංකාවට හිමි කර දෙයි.!

ආරම්භයේ පටන්ම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ආසියානු කුසලාන තරගාවලියේ අද පැවති අවසන් මහා තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කළ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම වසර 8කට පසුව ආසියානු කුසලානයක පහස නැවතත් ශ්‍රී ලංකාවට හිමි කර දීමට සමත් වුයේ Super 4 වටයේ අපරාජිතත්වය දිගින් දිගටම පවත්වාගනිමිනි.

ලොව පුරා ක්‍රිකට් විචාරකයන් මෙම තරඟයේ අතිශය තීරණාත්මක සාධකයක් බව සඳහන් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පකිස්තාන නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනූව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 6ක් දැවී ලකුණු 170ක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුණා.

වරෙක ලකුණු 58කට කඩුලු 5ක් දැවී ගොස් ලකුණු 100 සීමාවට ළගා වීම පවා ප්‍රශ්නාර්තයක්ව පැවති අවස්ථාවක පිටියේ එක් වූ භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග වේගවත් ලකුණු 58ක සබඳතාවයක් පවත්වමින් ඉනිම ස්ථාවර කළ අතර වනිඳු පන්දු21කදී වේගවත් ලකුණු 36ක් වාර්තා කළා.

තරඟයේ තීරණාත්මක ඉණිම දියත් කළ භානුක රාජපක්ෂ පන්දු 45ක් තුල නොදැවී ලකුණු 71ක්. රැස් කලේ දැවැන්ත හයේ පහර3ක් සහ හතරේ පහර 6ක් සමගිනි.

ඒ අනුව ලකුණු 171ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 147ක් පමණයි.

පකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mohammad Rizwan ලකුණු 55ක් රැස් කළ අතර Iftikhar Ahmed ලකුණු 32ක් රැස් කළා. අන් කිසිදු පකිස්ථාන පිතිකරුවකුට ලකුණු 10යේ සිමාව ඉක්මවා යෑමට ශි ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රමෝද් මදුෂාන් කඩුලු 4ක් වනිඳු හසරංග කඩුලු 3ක් බැගින් බිඳ හෙලීමට සමත් වූ අතර මහිෂ් තීක්ෂණ කඩුල්ලක් සහ චාමික කරුණාරත්න කඩුලු 2ක් බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව වසර 8කට පසුව ආසියානු කුසලානයේ පහස විඳගැනීමට සුවහසක් ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button