Cricket NewsDomestic CricketEXCLUSIVE

සංචාරක එංගලන්ත එක්ස් ප්‍රෝ අවුරුදු 15න් පහළ ක්‍රිකට් ඇකඩමි පිල සහ හලාවත මේරියන්ස් අවුරුදු 15න් පහළ ක්‍රිකට් ඇකඩමි පිල අතර විස්ස‍‍යි20 තරගාවලිය 2-0කින් ජය ගැනීමට එක්ස් ප්‍රෝ පිල සමත් විය

සංචාරක එංගලන්ත එක්ස් ප්‍රෝ අවුරුදු 15න් පහළ ක්‍රිකට් ඇකඩමි පිල සහ හලාවත මේරියන්ස් අවුරුදු 15න් පහළ ක්‍රිකට් ඇකඩමි පිල අතර ඊයේ කොළඹ තර්ස්ටන් පිටියේ පැවැති විස්සයි20 තරගාවලිය 2-0කින් ජය ගැනීමට එක්ස් ප්‍රෝ පිල සමත් විය. එම තරගාවලියේ ඊයේ උදෑසන පැවැති පළමු තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කළ එක්ස් ප්‍රෝ ඇකඩමි පිල පස්වරුවේ පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 15කින් ජය ගත්තේය.

උදෑසන පැවති පළමු තරගයේදී පළමුව පන්දුවට පහර දුන් චිලව් මේරියන්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 85ක් රැස් කළ අතර, එක්ස් ප්‍රෝ පිල ඕවර 13.2කදී කඩුලු 3ක් පමණක් වැය කරමින් ජයග්‍රහණය සපුරා ගත්තේය. පස්වරුවේ පැවැති දෙවැනි තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එක්ස් ප්‍රෝ පිල ඕවර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 167ක් රැස් කිරීමට සමත් වූ අතර, ආරම්භක පිතිකරු යුගලය වූ හැරිසන් ප්‍රිල් නොදැවී ලකුණු 44ක් සහ ජොෂ් ඩේවිස් නොදැවී ලකුණු 33ක් ද, චාලි බෙන්ට්ලි නොදැවී ලකුණු 25ක් ද රැස් කර පිටියෙන් ඉවත් වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චිලව් මේරියන්ස් පිල ඕවර 19.4කදී ලකුණු 152කට දැවී ගියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button