Cricket NewsEXCLUSIVEInternational

අමෙරිකාවේ විස්සයි20 ක්‍රිකට් ඔට්ටුවලට ඉහළ ඉල්ලුමක් – ජගත් ක්‍රිකට් දූෂණ මර්දන අංශය සීරුවෙන්

ලෝකයේ සුපිරි බලවතා වන අමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ස්ථාපිත කරමින් නවවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතර, එහි තරගයෙන් තරගයට ඔට්ටු ඇල්ලීම සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතී. මෙවර විස්සයි20 ලෝක තරගාවලියට සත්කාරකත්වය දරන අමෙරිකාවේ ඔට්ටු ඇල්ලීම ඇතුළු සූදු ව්‍යාපාරය නීත්‍යනුකූල බැවින් තරගාවලිය ඉන්දියාවේ හෝ වෙනත් රටක පවත්වනවාට වඩා බොහෝ සෙයින් වෙනස් තත්ත්වයකට පත්ව තිබේ.

ක්‍රිකට් තරගයක ඔට්ටු අල්ලන්නේ තරගයට පෙර කණ්ඩායමේ ප්‍රතිඵලය අනුමාණ කිරීමෙන් පමණක් නොව, ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා හෝ තරගය අතරතුර ඕනෑම ඕවරයක ක්‍රියාකාරිත්වය කෙසේ වන්නේද යන්න මතය. එනම් තරගයේදී ක්‍රීඩකයා කොපමණ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නේද? පන්දු යවන්නා කඩුලු කීයක් ලබා ගන්නේද යන්න පිළිබඳව ඔට්ටු ඇල්ලීම සිදු වේ. මේ වටපිටාව තුළ මහා පරිමාණයේ තරග පාවාදීම් සිදු වන හෙයින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දූෂණ මර්දන ඒකකයක් පවා පිහිටවනු ලැබීය.

1992දී අමෙරිකා ෆෙඩරල් නීතිය යටතේ සියලුම එක්සත් ජනපද ප්‍රාන්තවල ක්‍රීඩා ඔට්ටු ඇල්ලීම තහනම් කළද, 2018දී එරට ශ්‍රේෂ්ඨාධිකරණය මේ තහනම ඉවත් කළේය. අනතුරුව ඔට්ටු ඇල්ලීම අමෙරිකාවේ ළැව් ගින්නක් මෙන් පැතිර ගියේය.

අමෙරිකාවේ සූදු සංගමයක් පවා බිහිව ඇති අතර, එහි සංඛ්‍යා ලේඛන අනුව 2023 දී අමෙරිකාවේ මිනිසුන් ඩොලර් බිලියන 119.84ක ක්‍රීඩා ඔට්ටු අල්ලා ඇත. ඔට්ටු ඇල්ලීමට මිනිසුන්ගේ උනන්දුව වැඩි වීම නිසා අමෙරිකානු ඔට්ටු සමාගම්වල ආදායම ද වසරින් වසර ඉහළ යමින් පවතී.

පාපන්දු ක්‍රීඩා ඔට්ටු ඇල්ලීම අමෙරිකානුවන්ගේ ප්‍රියතම සූදූව බවට පත්ව තිබේ. බාස්කට්බෝල් සහ බේස්බෝල් යන ක්‍රීඩාවලට ඔට්ටු ඇල්ලීමට ද අමෙරිකානුවන් වඩාත් ඇල්මක් දක්වා ඇත. හෙටින් ඇරැඹෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අමෙරිකාවට අලුත් අත්දැකීමක් වන අතර, ඔට්ටු ඇල්ලීම කෙසේ සිදු වන්නේද යන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දැඩි අවධානයට යොමුව පවතී.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button