Cricket NewsEXCLUSIVE

විනිසුරුවරුන් කළ පැමිණිල්ලෙන් ICCය ශ්‍රී ලංකාවට දඬුවම් පමුණුවයි – පැතුම් නිස්සංකටත් ICCයෙන් දැඩි අවවාද.!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ඊයේ පැවති දෙවන තරඟයේදි සුපිරි පන්දුවාර දක්වා ගිය තරඟය ජයග්‍රහණය කරමින් තරඟාවලියේ තව දුරටත් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ජයග්‍රාහි ඉලක්කය ලෙස ලකුණු 165ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමටද ලබා ගත හැකි වුයේ ලකුණු 164ක් පමණක් වීම හේතුවෙන් තරඟය සම වූවා.”

කෙසෙ නමුත් සුපිරි පන්දුවාරයේදි තරගය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා.

මේ අතර ඊයේ තරඟයේදි අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට 20% ක දඩ මුදලක් පැනවීමට ICCය කටයුතු කර තිබෙනවා

ICC Elite තරග තීරක මණ්ඩලයේ සාමාජික ඩේවිඩ් බූන් විසින් මෙම සම්බාධක පැනවූයේ ගතවු කාලය ගණනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව එක් පන්දුවාරයක් පිටුපසින් සිටිම හේතුවෙනි.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, ක්‍රීඩකයින්ට නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයකටම ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් අය කෙරෙනු ලබනවා.

මීට අමතරව, “ජාත්‍යන්තර තරගයක් අතරතුර ඇසෙන අසභ්‍ය වචන භාවිතා කිරීම” සම්බන්ධ ICC සංග්‍රහයේ 2.3 වගන්තිය පැතුම් නිස්සංක විසින් කඩ කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ද අනතුරු ඇඟවීමක් ලබා දීමටද ICCය කටයුතු කර තිබෙනවා. මීට අමතරව ඔහුගේ විනය වාර්තාවට දොස් පවරන කරුණක් ද එක් කර ඇත.

නායක දසුන් ශානක සහ පැතුම් නිශ්ශංක යන දෙදෙනාම තම වැරදිවලට ​​වරද පිළිගෙන යෝජිත සම්බාධක පිළිගත් බැවින් විධිමත් විභාගයක් නොපවත්වාම මෙම තීරණය ගැනීමට ICCය කටයුතු කර තිබෙනවා

විනිසුරුවරුන් වන ඩොනොවන් කෝච්, රොඩ් ටකර්, ෂෝන් ක්‍රේග් සහ ජෙරාඩ් අබූඩ් මෙම චෝදනාවන් එල්ල කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7