Cricket NewsEXCLUSIVE

භානුක රාජපක්ෂ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙයි – ඉන්දීය සංචාරය සමග භානුක රාජපක්ෂ නැවතත් සංචිතයට.!

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් ව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදි පැවැත්වෙන තරඟාවලි සඳහා ක්‍රිඩා කිරිමට ඔහු සුදුසුකම් ලබා තිබෙනවා.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ නොදීම හේතුවෙන් භානුක රාජපක්ෂට මේ වන විට ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන විස්සයි20 තරගාවලිය අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නියම කර ඇති නව ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සාක්ෂාත් කර ගැනීම සඳහා භානුක, ක්‍රිකට් ආයතනයෙන් වැඩි කාලයක් ඉල්ලා තිබු අතර ඒ වෙනුවෙන් හටගත් ප්‍රශ්න හේතුවෙන් භානුක ක්‍රිකට් ක්‍රිඩාවට සමුදීමද ප්‍රකාශයට පත් කරනු ලැබුවත් මෙරට ක්‍රිකට් ලෝලින් හා ක්‍රිඩා අමාත්‍ය වරයා මැදිහත් ⁣වීමෙන් නැවතත් භානුක රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමද ඉවත් කර ගත්තා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ⁣මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ භානුක රාජපක්ෂ මේ මස අගදී පැවැත්වෙන ඉන්දියාවට එරෙහි විස්සයි-20 තරඟාවලිය සඳහා තේරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි.

“ඔහු ඉන්දීය තරගාවලිය සඳහා සංචිතයේ සිටිනවාද යන්න තීරණය කිරීම තේරීම් කමිටුවට භාරයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර භානුක රාජපක්ෂ IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 50 කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් තෝරාගනු ලැබූවා.

ඒ අනුව භානුක එළඹන අප්‍රෙල් මස ආරම්භ වීමට නියමිතව ඇති IPL 2022 තරඟාවලියද නියෝජනය කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button