Cricket NewsEXCLUSIVEInternational

ICC නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 5ක් ඉදිරියට එද්දී කසුන් රාජිත ස්ථාන 14 කින් ඉදිරියට එයි – විස්තරය මෙතනින්

Kasun Rajitha appeals successfully for the run out of Ebadot Hossain, Bangladesh vs Sri Lanka, 2nd Test, Mirpur, Day 2, May 24, 2022

ICC නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් කරයි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි හයවන ස්ථානයේ රැඳී සිටියි.

නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල අංක 6 ස්ථානයේ රැඳී සිටින දිමුත් ශ්‍රේණිගත කිරීම් 763ක් ලබා ගනිමින් සිටියි.

ICC නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් සමත්ව තිබෙනවා.

මැතිව්ස් මේ අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 21 වැනි ස්ථානයට පත්විය. ඔහුට ශ්‍රේණිගත කිරීම් ලකුණු 641ක් ඇත.

Angelo Mathews plays the pull as he once again steadied the ship for Sri Lanka, Bangladesh vs Sri Lanka, 2nd Test, Mirpur, Day 3, May 25, 2022

මැතිව්ස් අවසන් වරට ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 26 වැනි ස්ථානයේ පසුවිය.

නවතම ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් පසුබෑමට ලසිත් ඇඹුල්දෙණිය සමත්ව තිබෙනවා.

ඔහු මේ වන විට ICC පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 34 වැනි ස්ථානයේ පසුවනවා.

ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රේණිගත කිරීම්වල 45 වැනි ස්ථානයේ පසුවන අතර රමේෂ් මෙන්ඩිස් 52 වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ.

රමේෂ් මෙන්ඩිස් මීට පෙර 42 වැනි ස්ථානයේ පසුවිය.

ICC නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ස්ථාන 14ක් ඉදිරියට පැමිණ 61 වන ස්ථානයට පත්ව තිබෙනවා.

Kasun Rajitha picked up a five-for, Bangladesh vs Sri Lanka, 2nd Test, Mirpur, Day 2, May 24, 2022

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button