Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ඉන්දියාවට පකිස්ථානයට එන්න අවශ්‍ය නැතිනම්, අපි ඉන්දියාව නැතුව තරගාවලිය කරනවා – 2025 ICC චැම්පියන්ස් කුසලානයට ඉන්දියාව පාකිස්තානයට නොපැමිණීම පිළිබඳව හසන් අලි අදහස් දක්වයි

2025 ICC චැම්පියන්ස් කුසලානය සඳහා ඉන්දියාව පාකිස්තානයට නොපැමිණීම පිළිබඳව පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක හසන් අලි සිය ප්‍රතිචාරය ප්‍රකාශ කර තිබේ.

පාකිස්තානයේ Samaa TV සමඟ සම්මුඛ සාකච්ඡාවකදී අලි පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) අදහස කියා සිටියේය. චැම්පියන්ස් කුසලානය පකිස්ථානයේ පැවැත්වීමට නියමිතවුවහොත් එය සැබවින්ම එහි පැවැත්වෙනු ඇති බවත් ඉන්දියාව නොමැතිව තරඟාවලිය ඉදිරියට යා හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

“අපි එහෙට (ඉන්දියාවට) ක්‍රීඩා කරන්න යනවා නම් ඒ අයත් පකිස්තානයට එන්න ඕන. ක්‍රීඩාව දේශපාලනයෙන් ඈත් විය යුතු බව හුඟාක් අය අනන්ත අප්‍රමාණ වාරයක් කියා තිබෙනවා. නමුත් වෙනත් කෝණයකින් බැලුවොත් බොහෝ ඉන්දියානුවන් ක්‍රීඩකයින් සම්මුඛ සාකච්ඡා වලදී පවසා ඇත්තේ ඔවුන්ට පකිස්ථානයට පැමිණීමට අවශ්‍ය නොවන බවයි.” හසන් අලි පැවසීය.

ඉන්දියාව නොපැමිණීම පකිස්තානය තරගාවලියට සත්කාරකත්වය සැපයීමට බාධාවක් නොවන බව අවධාරණය කරමින් ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “අපේ සභාපතිවරයා දැනටමත් පවසා ඇති පරිදි, චැම්පියන්ස් කුසලානය පකිස්ථානයේ පවත්වන්නේ පකිස්ථානයේදී, ඉන්දියාවට අවශ්‍ය නැතිනම් එන්න, අපි ඔවුන් නොමැතිව ක්‍රීඩා කරන්නම්, පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු අතර, ඉන්දියාවට සහභාගී වීමට අවශ්‍ය නැතිනම්, එයින් අදහස් වන්නේ ඉන්දියාව හැර තවත් බොහෝ කණ්ඩායම් තිබෙන බවයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
24
+1
8
+1
8
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button