Cricket NewsEXCLUSIVEInternational

පැට් කමින්ස් හා මිචෙල් ස්ටාක් එක්ව අවසන් සැසියේදී පකිස්තානු පිතිකරණ බල ඇණිය සුණු විසුණු කරදමයි

PAK vs AUS Match Preview-Australia Tour of Pakistan 2022, 2nd Test

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ තෙවැනි හා අවසන් ටෙස්ට් තරඟයේ තෙවන දිනය වූ ඊයේ දිනයේ අවසන් සැසිය වන විට වඩාත් වැඩි වාසි දිනා සිටියේ පකිස්තානු කණ්ඩායමය.

අබ්දුල්ලා ශෆීක් හා අසාර් අලීගේ පිතිකරණය හේතුවෙන් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් විශාල වෙහසකට පත්ව සිටියේය.ඉමාම් උල් හක් ගේ දැවී යාමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා ලාහෝර් තණතීරුවේ ලකුණු 150 ක සබඳතාවයක් පිහිටුවීය.ශෆීක්ගේ (81) දැවී යාමෙන් අනතුරුව නායක බාබර් සමගින් එක්වූ අසර් අලී (78) ලකුණු 44 ක සබඳතාවයක් එක් කරමින් ලකුණු පුවරුව කඩුලු 3 ක් දැවී ලකුණු 214 ක් දක්වා ගෙන ආවේය.ඉන් අනතුරුව සිව්වැනි කඩුල්ල ලෙසින් ෆවාඩ් අලාම් දැවී යන විට ලකුණු 248 ක් දක්වා ලකුණු පුවරුව ගෙන එන්නට නායක බාබර් සමත් විය.කඩුල්ල මුවා කිරීමේ වරදට මිචෙල් ස්ටාක් ඉදිරියේ දැවී ගිය බාබර් ලකුණු 67 ක් රැස් කළේය.බාබර් ගේ දැවීයාමෙන් අනතුරුව තරඟය සියතට ගත් නායක කමින්ස් සමඟින් එක්වූ මිචෙල් ස්ටාක් අවසන් ලකුණු 6 ලකුණු 20 කදී බිඳ දැමීය.

Australia vs Pakistan, Australia in Pakistan, 2nd Test Match Details, Schedule, Summary | ESPNcricinfo.com

මැදපෙල හා පසුපෙල පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් 248/4 ක් ලෙසින් ගෞරවාන්විත මට්ටමක සිටි සත්කාරක පකිස්තානුවන්ගේ සියලු කඩුලු ලකුණු 248 ක් වන විට දැවී ගියේය.ලකුණු 56 ට කඩුලු 5 ක් බිඳ හෙලන්නට නායක පැට් කමින්ස් සමත් වූ අතර මිචෙල් ස්ටාක් ලකුණු 33 කට කඩුලු 4 ක් බිඳ දැමීය.

තෙවන දිනය අවසන් කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 11 ක් රැස් කර ගෙන සිටියේය.මේ වන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 134 ක් පකිස්තානයට වඩා ඉදිරියෙන් සිටින්නේය.තරඟ දෙකක් ජයපරාජයෙන් තොරව අවසන් වීමෙන් අනතුරුව අවසන් තරඟය තීරණාත්මක තරඟයක් බවට මෙවර සමස්ත ටෙස්ට් ලෝක ශූරතාවලියටම එක්වන කණ්ඩායම් සියල්ලටම බලපෑම් සිදු කරන බව නම් නොරහසකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7