Cricket NewsEXCLUSIVE

ලෝක කුසලානයට සාර්ථක සංචිතයක් තේරීම නිසා, තේරීම් කමිටු සභාපති ඇතුළු සාමාජිකයන්ට මිලියනය බැගින් දිරි දීමනාවක්.!

කලක පටන් තිබූ පසුබෑමට පිලියම් සොයාගනිමින් වසර ගණනාවක් විස්සයි විස්ස ආකෘතියේ දුර්වල කණ්ඩායම ලෙසින් හංවඩු ගැසුනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉරණම වෙනස් කරගන්නට 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේදී හැකි විය.

පෙරට සාපේක්ෂව සිදු කරන ලද විශාල වෙනස්කම් රාශියක ප්‍රතිඵලයක් ලෙසින් සාර්ථකව මෙවර ලෝක කුසලානය නිමා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අවකාශය ලැබුණි. සැබැවින්ම මෙහි නිහඬ විරුවන් වූයේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් තේරීම් කමිටුවය.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා සාර්ථක කණ්ඩායමක් තොරා ගැනිමේදී සිදු කල සේවය ඇගයීමක් ලෙස වත්මන් තේරිම් කමිටුවේ සාමාජිකන් තිදෙනා වන සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න හට රුපියල් මිලිනයට බැගින් වූ දිරි දීමනාවක් ලබා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත් ගෙවී ගිය තරඟාවලි ගණනාවක් පුරාවට නවක ක්‍රීඩකයන් රැසක් අත්හදා බැලීමට මෙරට තේරීම් කමිටුව අවසානයේදී අවධානම් රැසක් සහිතව ගත් තීරණ පැසසුමට ලක් කරන්නට අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් සුභවාදී තීරණය අගය කල යුතුමය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7