Cricket NewsEXCLUSIVELPL

“කෑගැහුවත් බනිනවා, කෑ නොගැහුවත් බනිනවා” – චාමික කරුණාරත්න තරඟය අතරතුර රසිකයන් සමග සුහද කතා බහක.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා Dambulla Giants කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවති Qualifier 02 තරඟය ලකුණු 23කින් ජයග්‍රහණය කරමින් අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ප්‍රභල Jaffna Kings කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුනා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 210 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වූ අතර ඒ අනුව ලකුණු 211ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Dambulla Giants කණ්ඩායමේ පළමු කඩුලු කිහිපය ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක දී දැවී ගියා.

එනම් ලකුණු 85 වන විට කඩුලු 6ක් දැවී Dambulla කණ්ඩායමක් දැඩි අසීරු තත්වයක පසු වූයේ ලකුණු 100ක් ලබා ගැනීමටත් පෙර සියලු දෙනා දැවී යාමේ දැඩි අවදානම් තත්වයකයි.

කෙසේ නමුත් පසුපෙළ පිතිකරුවන් හා එක් වෙමින් තරගයේ පාලනය කෙමෙන් කෙමෙන් සියතට ගත් චාමික කරුණාරත්න ඉවසීමෙන් සිය ඉනිම ගොඩනඟා ජයග්‍රහණය අසලටම Dambulla Giants කණ්ඩායම ගෙන ඒමට සමත් වුනත් ලකුණු 23ක තියුණු ජයක් Jaffna Kings කණ්ඩායමට හිමි වුනා.

මේ අතර ඊයේ තරඟය අතරතුර තරඟය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් පන්දු රකිමින් සිටි චාමික කරුණාරත්න හා කතා කරන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා.

එහිදී ප්‍රේක්ෂකයින් චාමික කරුණාරත්ව දිරිමත් කරන ආකාරය ද දැක්වෙන අතර චාමික එම ප්‍රේක්ෂකයින් සමග සුහද කථා බහක ද තරගය අතරතුර ම නිරත වනවා.

එම වීඩියෝ පටය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7