Cricket NewsEXCLUSIVEInternationalUnder-19

ඉන්දියාව පරදා යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවති 15 වැනි යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඔස්ට්‍රේලියාව මේ ශූරතාව දිනාගත් සිවුවැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට 2010දී ඔවුන් ශූරතාව දිනා තිබිණි.

ඊයේ බෙනෝනිහිදී පැවති අවසන් මහ තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ ඉන්දියාව ලකුණු 79කින් පරාජයට පත් විය. ඉන්දියාව අනුශූරයන් වූයේ සිවුවැනි වරටය.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ඔස්ට්‍රේලියාව දුන් ලකුණු 254ක ඉලක්කය හමුවේ ඉන්දීය පිලට ඕවර 43.5කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 174ක් පමණි.

ලකුණු 47ක් රැස් කළ ආදර්ශ් සිං ඉන්දීය පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, මුරුගන් අභිෂේක් ලකුණු 42ක් සහ මුෂීර් ඛාන් ලකුණු 22ක් ඉනිමට එක් කළහ. ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසු කිරීමට අවස්ථාවක් නොලැබිණි. පන්දු යැවීමේදී මහලී බෙයර්ඩ්මන් සහ රෆ් මැක්මිලන් කඩුලු 3 බැගින් බිඳ දැමූ අතර, කැලම් විඩ්ලර් කඩුලු 2ක් දවා ගත්තේය.

මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිමේ සාර්ථකම පිතිකරු වූ ඉන්දීය සම්භවයක් සහිත හර්ජාස් සිං ලකුණු 55ක් රැස් කළේ පන්දු 43කදී හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කරමිනි.

නායක හියු විඩේග් ලකුණු 48ක්, හැරී ඩික්සන් ලකුණු 42ක් සහ ඔලිවර් පීක් නොදැවී ලකුණු 46ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී රාජ් ලිම්බානි කඩුලු 3ක් සහ නාමන් තිවාරි කඩුලු 2ක් දවා ගත්හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button