Cricket NewsEXCLUSIVE

තෙවැනි දිනය අවසන් වන විට ඉන්දීය කණ්ඩායම අසීරු අඩියක-ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයේ පාලනය ඔස්ට්‍රේලියාව නතු කරගනී !

ඕවල් හිදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයේ තෙවැනි දිනය නිමා වන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 296 ක් ඉදිරියෙන් සිටී.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 469 ක් රැස් කල අතර ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 296 ක් පමණයි.විශිෂ්ඨ ඉනිමක් දියත් කල අජින්ක්‍යා රහනේ ලකුණු 89 ක් රැස් කල අතර ශර්දුල් තාකූර් ලකුණු 51 ක් රැස් කරමින් ඉන්දීය ඉනිම සවිමත් කලේය.

ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 173 ක් ඉදිරියෙන් සිටිමින් සිට දෙවන ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟයේ තෙවැනි දිනය අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 123 ක් රැස් කරගෙන සිටී.

කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කරන Marnus Labuschagne ලකුණු 41 ක් හා Cameron Green ලකුණු 7 ක් රැස් කරගෙන සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
2
+1
3
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button