Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ලෝක කුසලානය සමඟ ඉන්දීය ක්‍රිකට් පිල අද නවදිල්ලියට – රතු පලස මතින් පිළිගැනීමට අගමැති මෝදි සූදානමින්

කැරිබියානු කලාපයේ මෙතෙක් හමාගිය දෙවැනි දරුණුතම කුණාටුව වූ බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් දින 4ක් බාබඩෝස්හි හොටලයක සිරවී සිටි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් විස්සයි20 ලෝක කුසලානයද සමඟ ඊයේ කුලියට ගත් ගුවන්යානයකින් සියරට බලා පිටත් විය.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රි 7.45ට නවදිල්ලි ගුවන්තොටුපොළ වෙත ගොඩ බැසීමට නියමිතය. අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් ක්‍රීඩකයන්ට රතු පලස මතින් රාජ්‍ය උපහාර පිරිනැමීමට නියමිත නමුත් එම ඉසව්වේ කාලසටහන තවමත් ප්‍රසිද්ධ කොට නැත.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම විස්සයි20 ලෝක කුසලානය පසුගිය සෙනසුරාදා රාත්‍රියේ දිනාගෙන බාබඩෝස්හි පිහිටි තරු පහේ හෝටලයට පැමිණියද හදිසියේ හමා ආ බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් ගුවන්තොටුපොළ වසා දමා රට අගුළු දැමීය. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්, සහාය කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සහ ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා හා ක්‍රිකට් නිලධාරීන් ඇතුළු 70කට අධික පිරිසක් මේ හේතුවෙන් හෝටලයෙන් පිටතට පැමිණීමට නොහැකිව සිරවිය.

බාබඩෝස් ගුවන්තොටුපළ ඊයේ පස්වරු 4-5 වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ අතර, සාමාජිකයන් 70කට ආසන්න ප්‍රබල ඉන්දීය කණ්ඩායම විශේෂ ගුවන්යානයකින් ගමන් ආරම්භ කළේය. නිව්යෝර්ක් වෙත පැමිණ ඩුබායි හරහා නවදිල්ලියට පැමිණීම මූලික සැලැස්ම වුවද, මතුවූ තත්ත්වය හමුවේ කුලියට ගත් යානය බාබඩෝස් සිට නවදිල්ලි බලා පැය 21ක සෘජු ගුවන් ගමනක් ලෙස සංවිධානය විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button