Cricket NewsEXCLUSIVEInternational

පිතිකරුවෝ ඉන්දියාවේ අපරාජිත බව රකිති – අපරාජිතව අර්ධ අවසන් වටයට

ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයෙ (12 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 160 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියාව, ‍සිය අපරාජිත බව රැකගනිමින් තරගාවලි‍යේ මූලික වටය නිමා කළේය. මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් අතරින් තවමත් අපරාජිතව සිටින්නේද ඉන්දියාව පමණි.

ජයග්‍රණය සඳහා ලකුණු 411 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමට ඕවර 47.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 250 ක් පමණි. නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තේජා නිදමනුරු පන්දු 39 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 54 ක් රැස්කළ අතර සයිබ්‍රෑන්ඩ් එන්ගල්බ්‍රෙච්ට් පන්දු 80 කින් ලකුණු 45 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button