Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාව සහ පකිස්තානය අතර තරගයේ ටිකට් එකක් රු. ලක්ෂ 6යි!

තවත් දින කිහිපයකින් අමෙරිකාවේදී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්තානය අතර පැවැත්වෙන විස්සයි20 තරගයේ ප්‍රවේශපත්‍රයක අවම මිල අමෙරිකානු ඩොලර් 20,000කට (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6කට) අලෙවි වෙයි. මෙම ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය ලබන 9 වනදා නිව්යෝර්ක් හිදී පැවැත්වෙන අතර, ලොව පුරා විශාලම ආකර්ශනයක් දිනා ගන්නා තරගය වනු ඇතැයි තරග සංවිධායකයෝ පවසති.

මේ නිසාම මෙම තරගයේ ප්‍රවේශපත්‍ර කළු කඩේ අලෙවි වන බවට විවිධ වාර්තා පළවන අතර, බොහෝ වෙබ් අඩවිවලින් රසිකයින්ට ඒවායේ නියම වටිනාකමට වඩා වැඩි මිලකට මිලදී ගැනීමට සුදුව ඇතැයි පැවැසේ. මෙය ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවත්, මෙය අධික මිලක් බවත් හිටපු ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග කොමසාරිස් ලලිත් මෝදි මහතා අයිසීසීයට පැමිණිලි කර තිබේ.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලන මතභේද හේතුවෙන් දශකයකට වැඩි කලක් තිස්සේ ද්විපාර්ශ්වික තරගාවලි පවත්වා නැත. ඔවුන් එකිනෙකා හමුව ඇත්තේ ආසියා හා ලෝක මට්ටමේ තරගවලදී පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button