Cricket NewsEXCLUSIVEInternational

සිංහයන් හා භාරත පුතුන්ගෙ පලමු විස්සයි20 සටන අද රෑ 7.00ට පල්ලෙ­කැ­ලේදී ඇරඹේ.

ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ සංචා­රක ඉන්දීය ක්‍රිකට් කණ්ඩා­යම අතර තරග 3කින් සම­න්විත විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය අද (27) රාත්‍රි 7.00ට පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වෙයි.

මේ දෙපි­ලම නාය­ක­ත්ව­යෙන් සහ පුහු­ණු­කා­රි­ත්ව­යෙන් වෙන­ස්කම් සම­ඟින් තරග බිමට පිවි­සෙන අතර, චරිත් අස­ලංක ශ්‍රී ලංකා කණ්ඩා­යම මෙහෙ­ය­වන්නේ පළමු වර­ටය. සූර්ය­කු­මාර යාදව් මින් පෙර පසු­ගිය වසරේ තරග 7කදී ඉන්දීය පිල මෙහෙ­යවා ඇති අතර,

ඉන් තරග 5ක් ඉන්දි­යාව ජය ගනිද්දී තරග 2ක් පරා­ජය වී තිබේ. කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා­වට එරෙ­හිව නාය­ක­ත්වය දෙන පළමු අව­ස්ථාව මෙයයි.

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජය­සූ­රිය ශ්‍රී ලංකා කණ්ඩා­යමේ වැඩ­බ­ලන පුහු­ණු­කරු ලෙසත්, ගෞතම් ගාම්භීර් ඉන්දීය කණ්ඩා­යමේ නව පුහු­ණු­කරු ලෙසත් මේ තර­ගා­ව­ලි­යට එක්වෙති.

ජාත්‍ය­න්තර විස්සයි20 පිටි­යේදී මේ දෙරට 29 වරක් හමුව ඇති අතර, ඉන් තරග 19ක් ඉන්දි­යාව ජය ගනිද්දී ශ්‍රී ලංකාව ජය­ගෙන ඇති තරග සංඛ්‍යාව 9කි.

මේ දෙපිල අව­සන් වරට පසු­ගිය වසරේ ජන­වාරි මස ඉන්දි­යාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් හමුවූ අතර, එහිදී තරග 3-2ක් ලෙස ඉන්දි­යාව ජය වාර්තා කළේය.

කෙසේ වෙතත් ද්වීපා­ර්ශ්වික තර­ගා­ව­ලි­ය­කින් දෙපිල අව­සන් වරට මෙර­ටදී හමු­වූයේ 2021 වස­රේ­දීය. එහිදී තරග 3-2ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා­වයි. ඉන් පසු ශ්‍රී ලංකාව විස්සයි20 තර­ගා­ව­ලි­යක් ජය­ගෙන නැත.

මේ තර­ගා­ව­ලි­යට 15 දෙන­කු­ගෙන් සම­න්විත සංචි­ත­යක් නම් කළ අතර, අස­නීප තත්ත්ව­යක් හේතු­වෙන් වේග පන්දු යවන දුෂ්මන්ත චමී­රත්, ආබා­ධ­යක් හේතු­වෙන් නුවන් තුෂා­ර­ටත් සංචි­ත­යෙන් ඉවත් වීමට සිදුවූ අතර ඒ වෙනු‍වට අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධු­ෂංක සංචි­ත­යට ඇතු­ළත් වූහ.

ශ්‍රී ලංකාව නිමා වූ ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී මූලික වට­යෙන් ඉවත් වූ අතර, පළ­පු­රුදු පිති­ක­රු­වන් වන කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දි­මාල් කණ්ඩා­ය­මට කැඳ­වී­මත් නව නාය­ක­යාට ශක්ති­යක් වනු ඇත.

ඉන්දි­යාව මේ තර­ගා­ව­ලි­යට එක් වන්නේ වත්මන් විස්සයි20 ලෝක ශූර­යන් ලෙසිනි. එම තර­ගා­ව­ලි­යෙන් අන­තු­රුව ජගත් පිටි­යට සමු­දුන් නායක රෝහිත් ශර්මා, විරාට් කෝලි සහ රවින්ද්‍ර ජඩේජා සමඟ ජස්ප්‍රීට් බුම්රා ද මේ සංචි­ත­යට එක්ව නැති අතර, කෙසේ වෙතත් සෙසු ක්‍රීඩ­ක­යන් තම ස්ථාන රැක ගැනීම වෙනු­වෙන් මේ තර­ගා­ව­ලි­යේදී සටන් වදිනු ඇත.

ඉන්දීය පිල ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යෙන් පසු සිම්බාබ්වේ පිලට එරෙ­හිව විස්සයි20 තර­ගා­ව­ලි­ය­කට එක්වූ අතර, එය තරග 4-1ක් ලෙස ජය ගත්තේය. කෙසේ වෙතත් ඊට ලෝක කුස­ලා­න­යට ක්‍රීඩා කළ ක්‍රීඩ­ක­යන් එක් නොවිණි.

දෙරට අතර තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලියේ දෙවැනි තර­ගය හෙට (28) පැවැ­ත්වෙන අතර, අව­සන් තරග 30 වැනිදා පැවැත්වේ. මේ තරග දෙකත් පල්ලෙ­කැලේ ක්‍රීඩාං­ග­ණ­යේ­දීම රාත්‍රි 7.00ට ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා විස්සයි20 සංචි­තය – චරිත් අස­ලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දි­මාල්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හස­රංග, දුනිත් වෙල්ලා­ලගේ, මහීෂ් තීක්ෂණ, චමිඳු වික්‍ර­ම­සිංහ, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධු­ෂංක.

ඉන්දීය විස්සයි20 සංචි­තය – සූර්ය­කු­මාර් යාදව් (නායක), ශුබ්මන් ගිල්, යසෂ්වි ජයි­ස්වාල්, රින්කු සිං, රියාන් පරාග්, රිෂාබ් පාන්ට්, සංජු සැම්සන්, හර්දික් පාණ්ඩ්‍යා, ශිවම් ඩූබේ, අක්සර් පටෙල්, වොෂිං­ටන් සුන්දර්, රවි බිෂ්නෝයි, අර්ෂ­දිප් සිං, කලීල් අහ­මඩ්, මොහො­මඩ් සිරාජ්.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button