Cricket NewsEXCLUSIVE

අවසන් මහා තරඟයේදී එංගලන්ත යොවුන් ක්‍රීඩිකාවන් පරාජය කරමින්, පළමු වරට පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාව දිනා ගනී.!

පළමු වරට පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී එංගලන්ත යොවුන් කාන්තාවන්ව කඩුලු 7කින් ජයගනිමින් ශුරයන් බවට පත් වීමට ඉන්දීය 19න් පහළ කාන්තා කණ්ඩායම අද සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය 19න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකාව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත 19න් පහළ කාන්තා කණ්ඩායමට ආරාධනා කළාය.

එහිදී එංගලන්ත කාන්තා කණ්ඩායමේ සියලුදෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 68ක් පමණයි එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Ryana MacDonald-Gay ලකුණු 19ක් රැස් කළ අතර පාදනු යැවීමේදී Titas Sadhu, Archana සහ Parshavi Chopra කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව ජයග්‍රාහී ලකුණු 69ක ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමාත් වුනා.

ඉන්දියාව වෙනුවෙන් Soumya Tiwari ලකුණු 24ක් සහ G Trisha ලකුණු 24ක් රැස් කළා.

ඒ අනුව පැවති පළමු වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන ශුරතාවය ඉන්දියාව සතු වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7