Cricket NewsEXCLUSIVELegends SeriesPremier League

ලෙජන්ඩ් ක්‍රිකට් ලීග් තරඟ පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කළමනාකරු යෝනි පටෙල්ට එරෙහිව අධි චෝදනා ගොනු කරයි.

2024 ලෙජන්ඩ් ක්‍රිකට් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කළමනාකරුවෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා මේ බව අනාවරණය කළේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුවූ බව කියන තරග පාවාදීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදීය.

2024 ලෙජන්ඩ් ක්‍රිකට් ලීගයේ කණ්ඩායම් කළමනාකරුවෙකු වන යෝනි පටෙල්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව අධිකරණයට දැනුම් දුන්නා.

විශ්‍රාමික ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 7ක් සහභාගී වන Legend Cricket League තරඟාවලිය මාර්තු මස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මහනුවර සෑම්ප් යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග සහ පන්ජාබ් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන නවසීලන්ත සුපිරි ක්‍රීඩක නීල් බෲම් තරග පාවාදීමේ ගනුදෙනු සඳහා බලපෑම් කළ බවට කරන ලද පැමිණිල්ලක් මත මහේස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භ විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button