Cricket GossipCricket NewsEXCLUSIVE

ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව, KL රාහුල්ගේ ක්‍රිකට් පිටියෙන් එළියට ගිය මිනිසත්කම පුංචි ජීවිතයකට නැවත පණ දෙයි.!

ක්‍රිකට් ක්‍රීඩාව සැලකෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසයි. වරින් වර ක්‍රිකට් පිටියෙන් මෙන්ම ක්‍රිකට් පටියෙන් පිටතදීත් වාර්තා වන පුවත් ඒ බව නැවත නැවතත් තහවුරු කර සිටිනවා.

මේ අසල්වැසි ඉන්දියාවෙන් අපට වාර්තා වූ එවැනි සිදුවීමකි.

සචින් නලාවඩේ වෘත්තීයෙන් රක්ෂණ නියෝජිතවරයක් වන අතර ඔහු ස්වප්නා ජා සමගින් විවාහ වී සිටින අතර ඔහුට වයස අවුරුදු එකොලහක පුතෙක් සිටිනවා.ඔහුගේ නම වරාඩ් ය.

පුංචි වරාඩ් ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූවේ විශාල උනන්දුවක්.නමුත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඔහු හදිස්සියේම අසනීප වුණා.

වෛද්‍ය පරික්ෂණ ගණනාවකින් පසුව අනාවරණය වුණේ ඔහු තරමක් විරල ගණයේ රුධිර අසාමාන්‍යතාවයකින් පීඩා විදින බවයි.රුධිර පට්ටිකා ප්‍රමාණය ඉතාමත්ම පහල අගයක් ගැනීම තුල ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුණා.

මෙයින් ගැලවීමට ඇති එකම මග ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කලේ විරාඩ්ට අස්ථි මිදුළු බද්ධ කිරීමක්  සිදු කිරීමයි.

ඒ සදහා ඉන්දියානු රුපියල් ලක්ෂ තිස් පහක මුදලක් අවශ්‍ය වුණා.නමුත් එවැනි වියදමක් දරා ගැනීමට තරම් මූල්‍ය හයියක් සචින් – ස්වප්නා යුවලට තිබුණේ නැහැ.

ඒ නිසා ඔවුන් සමාගමක් සමගින් සම්බන්ධ වී ආධාර එකතු කිරීමේ වැඩපිළිවෙලකට යොමු වුණා.නමුත් එය සිදු වුණේ ඉතාමත්ම සෙමින්.

තම පුතුගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් සටනක නිරත වී සිටි සචින් පිලිබදව කේ.එල්. රාහුල්ට ආරංචි වුණා.ඒ අනුව ඔහු පුංචි වරාඩ් වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඒ වන විට ශල්‍යකර්මය වෙනුවෙන් එකතු වී තිබූ මුදල ඉන්දීය රුපියල් ලක්ෂ හතරක්. ඉතිරි මුදල සම්පූර්ණයෙන්ම ලබා දීමට ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක K L රාහුල් විසින් කටයුතු කළා.

අද වන විට සාර්ථක ශල්‍යකර්මයකට පසුව වරාඩ් සුවය ලබමින් සිටින අතර මේ පිලිබදව රාහුල්අදහස් දක්වා තිබු අතර එහිදී ඔහු සඳහන් කර තිබුනේ, “වරාඩ් ගැන දැන ගත්ත මොහොතේ සිට මං කල්පනා කලේ ඔහුට උදව් කරන ආකාරය ගැනයි.ඔහුගේ ශල්‍යකර්මය සාර්ථක වීම ගැන මට ඇත්තටම සතුටුයි.මං බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම සුවය ලබා ඔහු ඔහුගේ ජීවිතයේ අරමුණු කරා ගමන් කරයි කියලා” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7