Cricket NewsEXCLUSIVEWoman Cricket

Amy Satterthwaite ඇතුළු නවසිලන්ත ක්‍රීඩිකාවන්ගේ සුපිරි දස්කම් ඉදිරියේ බංගලාදේශය දණ නමයි – නවසීලන්තයට පහසු ජයක්.!

මෙවර පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි තරගය ලෙස නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් වුනා.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තරගයේ ඉනිමක් පන්දුවාර 27 කට සීමා වූනා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට Amy Satterthwaite ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 27 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 140 ක් පමණයි.

බංග්ලාදේශ කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ ආරම්භක පිතිකාරිණී Fargana Hoque පන්දු 63 කදී ලකුණු 52 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි. Shamima Sultana ලකුණු 33ක් රැස් කළා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ Amy Satterthwaite ලකුණු 25 කට කඩුලු 3 ක්දවාගැනීමට සමත් වුනා.

ඒ අනුව තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 141 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කාන්තාවෝ පන්දුවාර 20 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර යාමට සමත් වුනා.

නවසිලන්ත නායිකා සොෆී ඩේවින් ලකුණු 14 කට දැවී ගියද, ඇමීලියා කේර් සමග එක්වූ සූසී බේට්ස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 108 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වුනා.

ඇමීලියා කේර් ලකුණු 47ක් රැස් කල අතර සූසී බේට්ස් ලකුණු 79ක් රැස් කරනු ලැබුවා.

තරඟයේ කෙටි ලකුණු සටහන

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම – 140/8 (27 Overs)

නවසීලන්ත කාන්තා කණ්ඩායම – 144/1 (20 Overs)

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7