Cricket GossipEXCLUSIVE

දසුන් ශානකව මෙවර IPL 2022 සඳහා එක්කර ගන්නා ලෙස ඉල්ලා ඉන්දීය ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කරයි.!

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වුණු විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වූයේ තවත් දැවැන්ත තරගාවලි පරාජයක් ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි.

කෙසේ නමුත් මේ වන විට ඉන්දියා කණ්ඩායම ICC විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එහි 10 වන ස්ථානයේ පසුවනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රභල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය ඉන්දීය විචාරකයන්ගේ පවා දැඩි ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ පිතිකරණය විශේෂ ඇගයීම් වලට ලක්ව තිබෙන අතර ඔහු දෙවන තරගයේදී නොදැවී පන්දු 19ක් තුළ ලකුණු 47ක් සහ තෙවන තරගයේදී නොදැවී පන්දු 38ක් තුළ ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුයෙ නම් දැරූ ඉන්දීය පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමිනි.

දසුන් ශානකගේ පිත්ත ලකුණු මැෂිමක් බවට පත්වූයේ පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ Harshal Patel, Jasprit Bumrah ඇතුළු නම් දැරූ සියලුම පන්දු යවන්නන් අතික්‍රමණය කරමිනි.

ප්‍රභල ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව දියත් කල දසුන් ශානකගේ මෙම විශිෂ්ට පිතිකරණය හේතුවෙන් මේ වන විට ඉන්දීය රසිකයන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත IPL 2022 තරගාවලිය සඳහා දසුන් ශානක ව එක් කර ගන්නා ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව ඊයේ තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවකදී සුනිල් ගවස්කාර් මහතාද ප්‍රකාශ කර සිටියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Injury Replacement එකක් වුවහොත් අනිවාර්යෙන්ම දසුන් ශානක හට එම ස්ථානය හිමි විය යුතු බවයි.

ඉන්දීය රසිකයන් ට්විටර් හරහා පෙන්වා දෙන්නේ දසුන් ශානකව මිලදී නොගැනීම IPL කණ්ඩායම් විසින් සිදුකළ විශාල පාඩුවක් බවත් මේ වන විට ඒ සම්බන්දයෙන් ඔවුන් පසුතැවිලි වනු ඇති බවත්ය.

එහිදී ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හරහා ඉන්දීය රසිකයන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ දසුන් ශානකව IPL එක් කරගන්නා ලෙසයි.

අදාළ Twitter සටහන් කිහිපයක් පහතින්

01

02

03

04

 

05

06

08

 

 

09

10

 

 

11

12

 

13

 

14

 

 

15

16

17

18

19

20

21

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7