Cricket NewsEXCLUSIVEIPL

මහීෂ් තීක්ෂණ අද CSK වෙනුවෙන් ක්‍රිඩා කිරීමට නියමිත බව ඉන්දීය මාද්‍ය වාර්තා කරයි.!

ලොව දැවැන්තම ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අදින් ආරම්භ වෙනවා.

ඒ අනුව පසුගිය වසරේ ශුරයන් වන CSK සහ අනුශුරයන් වන KKR අතර අද රාත්‍රියේ පැවැත්වෙන තරඟයෙන් මෙවර IPL ක්‍රිකට් සැණකෙළිය ආරම්භ වීමට නියමිතය.

ශ්‍රි ලාංකීය ක්‍රිකට් රසිකයන් ලෙස අපිටත් අද වැදගත් දවසක්. මොකද Kolkata Night Riders කන්ඩායමේ අපේ චාමික කරුණාරත්න වගේම Chennai Super Kings කන්ඩායම වෙනුවෙන් අපේ මහීෂ් තීක්ෂණ නියෝජනය කරනවා.

එමෙන්ම අද තරඟයේදි බොහෝ දුරට මහීෂ් තීක්ෂණට IPL වරම් හිමි වීමට විශාල ඉඩක්.පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එයට හේතු වී ඇත්තේ මෙවර Chennai කන්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නන් ලෙස කටයුතු කරන්නේ ජඩේජා , මොයින් අලී සැන්ට්නර් සහ තීක්ෂණ.

වීසා ගැටලුවක් හේතුවෙන් මොයින් අලී හට IPL සදහා පැමිණීම ප්‍රමාද වුනා. ඒ හේතුාවන් අද තරගයට මොයින් අලී ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒක නිසා බොහෝ දුරට අද තරගයට මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරිමට වැඩි අවස්තාවක් තිබෙන අතර නායක ජඩේජා ද වමත් පන්දු යවන්නෙකු වීම නිසා මහීෂ් තීක්ෂණ අද අලී වෙනුවට චෙන්නායි කන්ඩායමේ ක්‍රීඩා කරන්න තියෙන ඉඩකඩ වැඩි බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නෙ.

එමෙන්න Kolkata Night Riders කන්ඩායමේ පැට් කමින්ස් තවම Kolkata කන්ඩායම හාඑක් වී නොමැති නිසා චාමික කරුණාරත්නටත් අද IPL වරම් හිමි වීමට වැඩි ඉඩකඩක් තිබෙන බව EapnCricimfo වාර්තා කර තිබුනා.

ඒ පිළිබඳ වැඩි විස්තර පහතින්>>> KKR නියෝජනය කරමින් චාමික කරුණාරත්න අද රාත්‍රියේ සිය මංගල IPL තරඟය ක්‍රිඩා කරනු ඇති බවට ලෝකප්‍රකට EspnCricinfo වාර්තාකරයි.!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button