Cricket NewsEXCLUSIVELPL

LPL තරඟාවලියේ කණ්ඩායම් මිලදී ගැනීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් හිමිකරුවන් කැමැත්තෙන්.!

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර තිබූ තත්ත්වය නැවත ලැබී තිබෙන බව නොරහසක්.

ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමත් සමගම මෙවර ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමට වඩාත් ඉඩ ඇති කණ්ඩායම් කිහිපය අතරට පැමිණිමටද ශ්‍රී ලංකාව සමත් වුයෙ ක්‍රිකට් ලෝකයේම අවධානය දිනා ගනිමිනි.

ලොව සෑම විස්සයි-20 ප්‍රිමියර් ලීග් තරඟාවලියයකට නැතුවම බැරි ලෝක මට්ටමේ ක්‍රීඩකයන් ද දැන් අපේ කණ්ඩායමේ සිටිනවා.

මේ හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කණ්ඩායම් හිමිකරුවන් අතරේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කණ්ඩායම් මිලදී ගැනීමට යම් කැමැත්තක් ඇති වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා. එමෙන්ම මේ වන විටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කණ්ඩායම් හිමිකරුවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ප්‍රිමියර් ලිග් තරඟාවලි හි කණ්ඩායම් මිලදී ගැනීමට කටයුතු කර තිබෙන නිසාත් ආසියාවේ ශුරයන් ලෙස ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය වටා ලංකාවෙන් පිටත දැඩි රසික ආකර්ශනයක් ශ්‍රී ලංකාවට ලැබීමත් නිසා වාණිජ වටිනාකම අනුව ශ්‍රී ලංකාව තුල ඔවුන් ආයෝජනය කිරීමට පෙළඹෙනු ඇත.

ඒ අනුව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් මිලදී ගැනීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් හිමිකරුවන් දැඩි උනන්දුවක් දක්වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button