Cricket GossipCricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව 6වන වරටත් ආසියානු කුසලානය දිනාගත් අවස්ථාවේ “පුදුමයට පත් වූ” ගෞතම් ගාම්භීර් ශ්‍රී ලංකා ධජය අතට ගත් අවස්ථාව.!

මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආරම්භයේම බොහෝ ක්‍රිකට් විචාරකයන් සිය අනාවැකි පළ කළේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන අවසන් මහා තරගයක් පිළිබඳවයි.

කෙසේ නමුත් එම සියල්ලටම අභියෝග කරමින් 0%ක් වූ අවසන් මහා තරගය නියෝජනය කිරීමේ ප්‍රතිශතයට අභියෝග කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට ප්‍රවිශ්ට වී ඉන් නොනැවතී පකිස්ථානය පරාජය කර හයවැනි වරටත් ආසියානු ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ක්‍රිකට් ලෝකයට ම දැවැන්ත සංඥාවක් නිකුත් කරමිනි.

එමෙන්ම මෙවර ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහබාගි වූ පළමු තරඟය ඇෆ්ගනිස්ථානය ඉදිරියේ දැවැන්ත පරාජයක් ලැබූ අතර එම තරඟය අතරතුර මෙවර ආසියානු කුසලානයට ඉංග්‍රීසි විස්තර විචාරකයෙකු ලෙසින් එක්ව සිටි හිටපු ආරම්භක පිතිකරුවෙකු මෙන්ම ඉන්දීය නායකයෙකුද වන ගෞතම් ගාම්භීර් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරක් ආසියානු කුසලානය ජයගෙන තිබීම පුදුමයට කරුණක් බවය.

කෙසේ නමුත් මෙම ප්‍රකාශයට සාර්ථකව පිළිතුරු දුන් ශ්‍රී ලංකා කණ්ඩායම 6වන වරටත් ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට සමත් වූ අතර ඊයේ ශ්‍රී ලංකාව ආසියානු ශුරයන් වීමෙන් අනතුරුව ගෞතම් ගාම්භීර් ක්‍රීඩා පිටියට පිවිස සිංහ ධජය ඇත දරා සිටියේ තම ප්‍රකාශය පිළිබඳව පසුතැවිල්ලෙන් බවනම් නිසැකය.

එම අවස්ථාව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button