ඉන්දියාව පාකිස්ථානයට යන්න බෑ කියයි – ශ්‍රි ලංකාවට වාසියක් කැරකෙන ලකුණු
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන්ගේ බලසම්පන්න බව මේ යයි පෙන්නුම් කරන ඉන්දියානුවෝ ලබන වසරේ පාකිස්තානයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා පාකිස්තානයට නොයන බව කියති. ශූරයන්ගේ කුසලාන තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතය. එසේ වුවත් ඇතිවී තිබෙන නවතම තත්ත්වය හමුවේ එය පාකිස්තානයෙන් පිටත පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සොයා බලමින් සිටින බවද වාර්තා වේ.
ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලනික මත ගැටුම් හේතුවෙන් වසර 12 ක් පුරා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කර නැත. ඉන්දීය කණ්ඩායමක් අවසන් වරට පාකිස්තානයේ සංචාරය කර ඇත්තේ 2008 දීය.
වසර 2013 ඉන්දියාවේදී පැවැති කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්තානු කාන්තා කණ්ඩායම ඉන්දියාවට ගියේය. එතැන් සිට 2016 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීත්, 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේදීත් පාකිස්තානු කණ්ඩායම් ඉන්දියාවේදී තරග වලට සහභාගි වූහ. එහෙත් 2008 න් මෙපිට ඉන්දීය කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කර නැත.
2023 දී ආසියානු කුසලාන තරගාවලියත් පාකිස්තානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණ. එහෙත් දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල අතර ඇතිවූ මත ගැටුම් හේතුවෙන් පාකිස්තානුවෝ තමන්ගේ සියලුම ආසියානු කුසලාන තරගවලට ශ්‍රී ලංකාවේදී මුහුණ දුන් අතර ඒ ආකාරයෙන් තරගාවලිය සැලසුම් කෙරිණ.
කෙසේ වෛතත් ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වූ ආකාරයෙන් ශූරයන්ගේ කුසලාන තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොසින් නඛ්වි මහතා දැඩි විරෝධය පළකර තිබේ. එබැවින් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හමුවේ ශූරයන්ගේ කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හෝ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඇති හැකියාව ගැන සලකා බැලෙමින් තිබේ.