Cricket NewsEXCLUSIVEIPL

පැ.කි.මි 150ට අධික වේගයකින්,නිවැරදි ස්ථානයටම පන්දුව පතිත කරමින් Gujarat Titans පිතිකරුවන් අසරණ කෙරූ ඉන්දියාවේ අලුත්ම වේග පන්දු තුරුම්පුව – Umran Malik

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 40වන තරගය ලෙස ලෙස කේන් විලියම්සන් නායකත්වය දරන Sunrisers Hyderabad සමග Hardik Pandya නායකත්ව දරන Gujarat Titans කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට Gujarat Titans සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Sunrisers Hyderabad කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 196ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 199ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

කෙසේ නමුත් මෙහිදී වුවා. එනම් මෙවර මෙවර තරඟාවලියේ ප්‍රථම වරට පරාජිත කණ්ඩායමේ ක්‍රීඩකයකු හට තරඟයේ වීරයා සම්මානය හිමි වීමයි. ඒ අන් කිසිවකු නොව Gujarat Titans කණ්ඩායමේ බිඳ වැටුණු කඩුලු 5ම දවාගත් Umran Malik හටයි. Umran Malik සිය පන්දුවාර 4 තුල ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 25ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වුනා.

එමෙන්ම එම පන්දු බොහොමයක වේගය සටහන් වී තිබුනේ පැ.කී.මි 150ට වඩා වැඩි වීමද විශේෂත්වයක් ගන්නවා.

Umran Malik විසින් දවාගත් එම කඩුලු පහතින් නරඹන්න

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button