Cricket NewsEXCLUSIVEIPL

Sunrisers Hyderabad පරාජයේදී, හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අවේගශිලිව හැසිරෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 40වන තරගය ලෙස ලෙස කේන් විලියම්සන් නායකත්වය දරන Sunrisers Hyderabad සමග Hardik Pandya නායකත්ව දරන Gujarat Titans කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Sunrisers Hyderabad කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 196ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 199ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Gujarat Titans කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දුවාරයට ලකුණු 22ක් අවශ්‍ය වූ අතර එම අවස්ථාවේ පිතිකරණයේ යෙදෙමින් සිටි Rashid Khan සහ Rahul Tewatia දැවැන්ත හයේ පහරවල් 4ක් එල්ල කරමින් Gujarat Titans කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

මේ අතර Sunrisers Hyderabad කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් Gujarat Titans ඉනිමේ 19.5 පන්දුවේදී Rashid Khan එල්ල කල දැවැන්ත හයේ පහරත් සමගින් ඉඳගෙන සිටි ස්ථානයෙන් නැගිට තරමක අවෙගශීලි ලෙස හැසිරෙන ආකාරය කැමරා කාචයේ සටහන් වී තිබුනා.

එම අවස්ථාව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button