Cricket NewsEXCLUSIVE

තරඟයේ අවම අවධානයකට ලක් වූ දසුන් ශානක රැකගත් Inglisගේ සුපිරි උඩ පන්දුව – තරඟයේ හැරවුම් ලක්ෂ්‍ය.!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ඊයේ පැවති දෙවන තරඟයේදි සුපිරි පන්දුවාර දක්වා ගිය තරඟය ජයග්‍රහණය කරමින් තරඟාවලියේ තව දුරටත් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ජයග්‍රාහි ඉලක්කය ලෙස ලකුණු 165ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමටද ලබා ගත හැකි වුයේ ලකුණු 164ක් පමණක් වීම හේතුවෙන් තරඟය සම වූවා.

කෙසේ නමුත් ආරම්භාය් පටන්ම ක්‍රම ක්‍රමයෙන් ස්ථාවර වීමට මාන බැලු ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Josh Inglisව දවා ගැනීමට වනිදු හසරංග විසින් යවන ලද පන්දුවක් හමුවේ විශිෂ්ට පන්දු රැකීමට නිරත වූ දසුන් ශානකගේ විශිෂ්ට පන්දු රැකීම තරඟයේ වැඩි අවධානයකට ලක් නොවුණු නමුත් තීරණාත්මක අවස්ථාවක් වුණා.

ඕස්ට්‍රේලියානු ඉනිමේ Josh Inglisට 13න් වන පන්දුවාරය යොමු කරමින් සිටියේ වනිදු හසරංගයි.

එම පන්දු වාරයේ සිව් වන පන්දුවට Josh Inglis විසින් ලබා දුන් රැකගැනීමට ඉතා අපහසු මට්ටමේ උඩපන්දුවක් ලබා ගනිමින් Joshගේ ඉණිම ලකුණු 48කින් නවතාලන්නට දසුන් ශානක සමත් වුනා.

එම උඩ රැකනොගන්නට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව දැවැන්ත ලකුණු පුවරුවක් වීමට ඉඩ තිබූවා.

එම විශිෂ්ට උඩ පන්දු රැක ගැනීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7