EXCLUSIVESocial Reaction

ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරඟයේ ලබා දුන් දුර්වල විනිසුරු තීරණය පිළිබඳව කෝප වූ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් රොඩ් ටකර්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වනසති.!

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් විනිසුරුවරුන් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට දශක ගණනාවක් ඈත්ට ඇදී යන අපූරු ගණුදෙනු රාශියක් ඇත.

මුරලිදරන් , අර්ජුණ ගෙන් ආරම්භ වූ එම ලැයිස්තුවට අද අලුත් නමක් එක්වූයේ සිඩ්නි ක්‍රීඩාංගණයේදීය.ඒ රොඩ් ටකර්ගේ නමය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරඟයේදී ලකුණු 165 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ 20 වැනි පන්දුවාරයේ පස් වැනි පන්දුව අතිශය ආන්දෝලනාත්මක වූ අතර එය පිටියේ ප්‍රධාන විනිසුරු සඳහන් කර සිටියේ එය වයිඩ් පන්දුවක් නොවන බවය.ඒ හේතුවෙන් තරඟය සමවූ අතර සුපිරිපන්දුවාරය ජයගත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

මෙයින් කෝපයට පත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් රොඩ් ටකර් ගේ සමාජ මාධ්‍ය ගිණුම් මෙන්ම ICC නිල සමාජ මාධ්‍ය ගිණුම් තුලද කෝපයෙන් හැසිරී ඇති ආකරය දක්නට ලැබුණි.ජාත්‍යන්තර මාධ්‍ය මේ බව සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව වැනි ක්‍රිකට් ලොව නම්දැරූ කණ්ඩායම ක්‍රීඩාලෝලීන් මෙලෙස කිරීම අනුමත කල නොහැකි බවය .

කෙසේනමුත් රොඩ් ටකර්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අදහස් දැක්වීම සීමා කරන්නට තීරණය කර ඇති බවට පලවූ පුවත් අසත්‍ය බවද සඳහන්.

ජාත්‍යන්තර විචාරකයන් අතර පවා දැඩි කතා බහක් ඇති කිරීමට සමත් වූ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබු තරඟය උදුරාගත් එම ආන්දෝලනාත්මකම විනිසුරු තීරණය ඇතුලත් වීඩියොව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7