Cricket NewsEXCLUSIVEInternational

ලෝක කුසලානයට තෝරා ගන්නේ නම් “මගෙ සියලු අත්දැකීම් භාවිතා කිරීමට මම සූදානම්” බව මැතිව්ස් පවසයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පන්දුවාර පනහ මෙය වන බැවින් එළඹෙන එක්දින ලෝක කුසලාන තරඟාවලියට තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තෝරා ගතහොත් තම අත්දැකීම් සියල්ල ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් 2011, 2015 සහ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නමුත් පසුගිය කාලයේ ඔහුට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමට නොහැකි විය.

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

“මම ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් LPL තරඟාවලියේ පන්දු යැවීම ආරම්භ කළ අතර, මෙය මගේ අවසන් පන්දුවාර 50 ලෝක කුසලානය වන බැවින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලානය ක්‍රීඩා කර ජයග්‍රහණය කිරීමට තෝරා ගන්නේ නම්, මගේ සියලු අත්දැකීම් භාවිතා කිරීමට මම සූදානම්,” ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. NewsWire .

“මට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස හොඳ LPL එකක් ක්‍රීඩා කලා, මම මගේ පුහුණුව දිගටම කරගෙන යනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7