Cricket NewsEXCLUSIVE

“පිටිය ඇතුළෙ පෙනෙන්නේ ක්‍රීඩාගාරයේ දසුන් හැදු එකමුතුවයි” – චරිත් අසලංක

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ඊයේ අවසන් වූයේ 3-2ක් ලෙස තරඟාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි.

මේ අතර දෙරට අතර පැවැති සිව්වන තරගයේ තරඟයේ වීරයා බවට පත්වූ චරිත් අසලංක එම මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායකත්වය පිළිබඳව අපුරු ප්‍රකාශයක් සදහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක කණ්ඩායමේ ක්‍රීඩකයන්ව හසුරුවන ආකාරයෙහි වෙනස පසුගිය කාලය දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන බවත් පිටියෙන් එපිට ක්‍රිඩාගාරයේ ඇතිව තිබෙන එකමුතු මගින් පිටිය මැද දක්ෂතා බෙහෙවින් දියුණු වී ඇති බවත් යොවුන් ක්‍රීඩක චරිත් අසලංක පවසනවා.

ඕස්ට්‍රේලියාව සමග පැවැති සිව්වැනි එක්දින තරඟයේදි සිය මංගල එක්දින ශතකය රැස් කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදි චරිත් අසලංක මේ බව ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button