Cricket NewsEXCLUSIVE

සම්මුඛ පරීක්ෂණ අවසන් – මීළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු එළඹෙන පෙබරවාරියේ සිට වැඩ අරඹයි.!

ඉකුත් දෙසැම්බර් මාසයේදී කොදෙව්වන් සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරඟයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු වූ මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් ගිවිසුම් ගතව තිබූ කාලය අවසන් විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා පැමිණි අයැදුම්පත් අතරින් ලැයිස්තු ගතකළ 17 දෙනෙකු අතරින් තොරා ගැනුණු 08 දෙනෙකුගෙන් 06 දෙනෙකුගේ සම්මුඛ පරික්ෂණ මේවන විට සිදුකර අවසන් බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

එසේ ලැයිස්තු ගතකළ 17 දෙනා අතර ඕස්ට්‍රේලියානුවන් 05 දෙනෙකුද, ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුද, දකුණු අප්‍රිකානුවන් 02 දෙනෙකුද, එංගලන්තයෙන් 02 දෙනකුද, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තාන, නවසීලන්ත , සහ වේල්සයෙන් එක් අයකු බැගින්ද අයදුම්පත් යොමු කර ඇති බවද සඳහන් වන අතර ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා බොහෝ දුරට විදේශීය පුහුණු කරුවකු පත්වනු ඇති බවද සඳහන් වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ නව ප්‍රධාන පුහුණුකරුගේ පළමු රාජකාරිය මේ වසරේ පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරඟ සංචාරය වන අතර, එළඹෙන සිම්බාබ්වේ එක්දින තරගාවලිය සදහා තාවකාලික පුහුණුකරුවෙකු පත් කෙරෙනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button