Cricket NewsEXCLUSIVE

CricTracker වෙබ් අඩවිය විසින් “2021 වසරේ විස්සයි-20 පිටියේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා” ලෙස වනිදු හසරංගව නම් කරයි.!

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ මෙතෙක් පැමිණි ගමන් මගෙහි සාර්ථකම වසර ලෙස 2021 වසර සැලකිය හැකිය.

ලෝක විස්සයි-20 පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ රැඳී සිටිමින් මෙම වසරේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන වනිදු, ලෝක කුසලාන තරඟාවලිය අවසන් කර නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ලෝක විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ පන්දු යවන්නා බවට පත්වෙමිනි.

ඉන් නොනැවතුණු වනිදු හසරංග විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරග මාලාවක් තුල ක්‍රීඩකයෙකු විසින් දවා ගන්නා ලද ඉහළම කඩුලු සංඛ්‍යාවද වාර්තා කිරීමට මෙම තරගාවලියේදී සමත් වුණා.

එමෙන්ම ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරගාවලියේද කැපී පෙනෙන දස්කම් දැක්වූ වනිදු හසරංග එහිදී ද එක් තරග වාරයක් තුළ ක්‍රීඩකයෙකු දවා ගන්නා ලද ඉහළම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් වුණා.

මෙවැනි ඉතා ඉහළ දස්කම 2021 වසර පුරාවට දැක්වීමට වනිදු හසරංග සමත්වූයේ ශ්‍රී ලංකා ධජයද ඉහළින්ම තබමිනි.

මේ අතර ලෝකප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන CricTracker වෙබ් අඩවිය විසින් වනිදු හසරංගව වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස නම් කිරීමට කටයුතු කර තිබෙනවා.

මිට අමතර CricTracker වෙබ් අඩවිය විසින් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පකිස්ථාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්වද නම් කර තිබෙනවා.

ඔවුන් වනිදු වෙනුවෙන් තැබූ විශේෂ ස්ථාන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7