Cricket NewsDomestic CricketEXCLUSIVE

තරුණ ක්‍රීඩකයන් රැසකට අවස්ථාව දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වර්ණ සංග්‍රාමය අදින් ඇරඹෙයි – ජයග්‍රාහකයින්ට පිරිණැමෙන මුදල් ත්‍යාග ද ප්‍රකාශයට පත් කරයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි-20 තරඟාවලියේ දෙවන සංස්කරණ අද කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතයි. එලඹෙන ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය කෙරෙහි විශාල බලපෑමක් මෙම තරඟාවලියෙන් සිදුවනු ඇති බව විචාරක මතයයි. පසුගිය කාලය පුරාවට රිද්මයේ නොසිටි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් හට තමන්ගේ දස්කම් යලිත් දේශීය පිටියේ පෙන්වීමට මෙය වඩාත් හොඳ තෝතැන්න්නක් වන අතර යොවුන් ක්‍රීඩකයින් හට ජාතික කණ්ඩායමේ දොරටු විවර කරගන්නටද මෙය අගනා වේදිකාවක් වනු ඇත.

අදින් ආරම්භ වන තරඟාවලියේ පළමු තරඟයේදී කුසල් මෙන්ඩිස් නායකත්ව දරණ SLC REDS හා අශාන් ප්‍රියන්ජන් නායකත්වය දරණ SLC GRAYS කණ්ඩායම් තරඟ වැදීමට නියමිත අතර එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.

පස්වරු 7.30 ට ආරම්භ වන දෙවන තරඟයේදී දසුන් ශානකගේ SLC GREENS හා චරිත් අසලංකගේ SLC BLUES ප්‍රේමදාස පිටියේදී තරඟ වැදීමට නියමිතය.

නම්දැරූ පිතිකරුවන් රැසක් හා පන්දු යවන්නන්ගෙන් සපිරි SLC REDS හා SLC BLUES කණ්ඩායම් වල නායකත්වය කුසල් මෙන්ඩිස්ට හා චරිත් අසලංකට හිමිව තිබීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීලඟ වසර 10-12 සඳහා කරන විශාල ආයෝජයනයක් ලෙසින් දකින්නට පුලුවන්. තරඟ ආකෘති තුනෙහිම නායකත්වය දැරිය හැකි ක්‍රීඩකයෙකු බව කුසල් මෙන්ඩිස් මෙවර තරඟාවලියේදී සනාත කල යුතු බව හැඟේ,කෙටි කාලයක් තුල සීමිත පන්දුවාර තරඟ ආකෘතිය තුල වඩාත් ස්ථාවර පිතිකරු වූ අසලංක හට දසුන් ශානකගේ අනුප්‍රාප්තිකයා වීමද ප්‍රේක්ෂකයින් අපේක්ෂාවෙන් බලාසිටින්නකි.

ඔවුන් දෙදෙනාම 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව කැටුව ගිය නායකයින් වීමද විශේෂත්වයක්.

දෙවන අදියරයේ ජයග්‍රාහී කණ්ඩායමට සහ ක්‍රීඩකයින්ට පිරිනැමෙන තෑගි මුදල් ත්‍යාග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබුණා පසුගිය වසරේදී සේම මේ වසරේදීද ශුරතාවය හිමිකර ගන්නා කණ්ඩායමට රුපියල් මිලිනයක් හා අනුශූරයින්ට රුපියල් 750,000 ක් පිරිණැමේ.

තරගාවලියේ වීරයාට රුපියල් 250,000 ක්‌ හා තරගාවලියේ හොදම පිතිකරුවාට සහ හොදම පන්දුයවන්නාට රුපියල් 150,000 බැගින් පිරිණැමෙනු ඇත.

යම් කණ්ඩායමක් හෝ දෙකක් පිටතින් වඩාත් ශක්තිමත් බව පෙනුන නමුත් තියුණු තරඟ රැසක් නිර්මාණය වන බව නම් නොරහසක්. මෙවර තරඟාවලිය සඳහා SKYEXCH අනුග්‍රාහකත්වය ලබාදෙන අතර සියත TV නාලිකාව තරඟාවලියේ දසුන් සජීවීව ඔබවෙත තිළිණ කෙරෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button