Cricket NewsEXCLUSIVE

ICC Player Of Month – පසුගිය ජූලි මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස ICCය ප්‍රභාත් ජයසුරියව නම් කරයි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව එම මාසයේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නම් කරනු ලබනවා. එය හඳුන්වනු ලබන්නේ ICC Player Of Month ලෙසයි.

ඒ ICC විශේෂ විනිසුරු මඩුල්ලකගේ සහ ක්‍රිකට් රසිකයන් ලබා දෙන Online Votes මගිනි.

ඒ අනුව පසුගිය ජූලි මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයින් තිදෙනා ලෙසට ICC ය නිර්දේශ කරනු ලැබුවේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසුරියත් ඔහුට අමතරව එංගලන්ත සුපිරි පිතිකරු ⁣Jonny Bairstow සහ ප්‍රංශ ක්‍රිඩක Gustav Mackeon යන ක්‍රීඩකයන් තිදෙනාවයි.

ඒ අනුව මෙම ක්‍රීඩකයන් තිදෙනා වෙනුවෙන් Online මනාප පළ කිරීම විවර වූ අතර ඒ අනුව ICC විශේෂ විනිසුරු මඩුල්ලේ සහ ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ මනාප මගින් පසුගිය ජූලි මාසයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය තේරී පත් වූ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මිට සුළු මොහොතකට පෙර දැනුම් දෙනු ලැබුවා.

ප්‍රභාත් ජයසුරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගනු ලැබුවේද පසුගිය මාසයේම වන අතර ඔහුගේ පළමු ජාත්‍යන්තර තරඟය වුයේ ද එම තරඟයයි. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගනිමින් තමන් ක්‍රිඩා කළ තරඟ තුන තුළ කඩුලු 29ක් දවාගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුවා.

පසුගිය ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ දෙවන තරඟයේදි ටෙස්ට් වරම් හිමිකරගත් ප්‍රභාත් ජයසූරිය එම තරඟයේ වීරයා බවට පත් වූ අතර අනතුරුව පකිස්තානය සමග පැවති තරඟාවලියේ වීරයා බවටද ඔහු පත් වුනා.

මෙම ICC Player Of Month සම්මානය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලැබුන දෙවන අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්. මිට පෙර ඇන්ජලෝ මැතිව්ස් මෙම සම්මානයට හිමිකම් කියනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button