Cricket NewsEXCLUSIVEIPLPremier League

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබන්නෙ චෙන්නයිද ? බෙංගලූරු ද ?

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා අවසන් කණ්ඩායම බවට පත්වීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම දෙක අතර ඉතා තියුණු සටනක් හටගෙන තිබේ.

චෙන්නායි කණ්ඩායම මේ වන විට තරග 7 ක් ජයගෙන ලකුණු 14 කට හිමිකම් කියමින් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටින අතර බෙංගලූරු කණ්ඩායම තරග 6 ක් ජයගෙන ලකුණු 12 කට හිමිකම් කියමින් ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ රැදී සිටියි.

මෙම කණ්ඩායම් දෙකේම ශුද්ධ ලකුණු වේගයන් ධන අගයක පවතින බැවින් දෙපිල අතර බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත. මූලික වටයේදී මෙම කණ්ඩායම් දෙක අතර මින් පෙර පැවැති තරගය කඩුලු 6 කින් ජයගැනීමට චෙන්නායි ක්‍රීඩකයෝ සමත් වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button